(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලෙස පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සඳහන් කරයි.
චීන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලැබෙන අතර එම මුදල් මෙරටට මාසයකට සෑහෙන ආනයන ගෙන ඒමට ප්‍රමාණවත් මුදලක යැයිද අමරසේකර මහතා කීය.
මීට අමතරව ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ද විදේශ විනිමය හුවමාරු පහසුකම් හිමි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.
COMMENTS
අච්චු ගහමු... එතකොට හරි...
ඕක කළින්ම දැනගෙන වෙන්න ඇති අලුතින් ඇමැතිලාට වාහන ඕඩර් කළේ..!!!
අපි දන්නවා සල්ලි හොයන හැටි...!!!
මුලින්ම අප නිහතමානීව පිළිගත යුතු දේ නම් අපි දුප්පත් රටක් කියායි. ඉන්පසුව කළ යුත්තේ අපට දැරිය හැකි ලෙස ජීවත් වීමයි. එය එතරම් සුන්දර දෙයක් නොවුණත්, එය තමයි යතාර්ථය...
මහජනතාව වෙනුවෙන් කිසි දෙයක් ආනයනය කරන්න ඕන නෑ. අර ඇමැති වාහන ටික ගේන්න. ඒවා ගෙනාවා නම් අපේ බඩ පිරුණා වගේ තමයි..
ඇයි ජොන්ස්ටන් ඇමැතිතුමා කිව්වේ සල්ලි තියෙනවා කියලා...?
තව තව ණය ගමු, පාරවල් හදමු, පාලම් හදමු, නගර සංවර්ධනය කරමු. ඒ බැරිවුණොත් ගම් නගර ටික විකුණාගෙන කමු බොමු...
කහ එපා, තව වාහන 300ක් ගේමු...
ආර්ථිකය හා ජන ජීවිතය වනසන, කෝවිඩ් පාලනය නොවන මේ ඇඳිරි නීතිය වහා ඉවත් කරන්න.
විදේශ සංචිත මොකටද? අපි දේශීය සංචිතයක් හදමු. එහෙම නැත්නම් චීන යුවාන් සංචිතයක් හදමු.
අපි තමයි හොදටම කලේ... බලන්න අපේ හැදියාව. ප්‍රාඩෝ 227ක්ම ගේනවා. කවුද කියන්නේ අපිට සල්ලි නෑ කියලා....
අඬන්න ඉන්න මිනිහට අැඟිල්ලෙන් අැන්නා වගෙයි කිව්වලු. දැන් පුලුවන් ජාතික සම්පත් වෙන්දේසි කරන්න. නන්දා මාලිනි නෝනාගේ ගීතය ගායනා කරමින් සීගිරිය ගල්වලටත්, දළදා මාලිගය පරණ බඩු වලටත් විකුණන්න හොඳම අවස්ථාව.
කරගෙන ගිය සුළු ව්‍යාපාරය මුළුමනින්ම නැවතිලා. සත පහක අදායමක් නැහැ. සේවකයාට පඩි දෙන්න ඕනෑ. දරුවන්ගේ අවශ්‍යතා සපුරන්න, ණය ගෙවන්න, දෙමව්පියන් ගැන බලන්න. අහස උසට වියදම්... එළවලු ලොරිය ළඟට ගිහින් ආපසු හැරිලා ගෙදර ඉන්නේ පුදුම මානසික ආතතියකින්... ඉදිරියක් ගැන හිතන්නවත් බැහැ. ප්‍රෙෂර් වලට ගන්න බෙහෙත් අඩු කරලා ගන්නේ. දැන් කියනවා පෙට්‍රල් වැඩි කරනවලු. හෙන ගහපන් කියලා හිත හදාගන්න බලනවා. රජයේ කියන විදියට සෞභාග්‍යය උතුරා යනවා. ආර්ථික වර්ධනය 5%ක් ලු අවුරුද්දේ අන්තිමට.
ඉතින්...? අපි දැන් අපට අවශ්‍ය සැපවාහන ගෙන්වා ගන්න මුදල් වෙන්කරගෙන ඉවරයි. දැන් ඒක අවලංගු කළොත් මහ බැංකුව කුජීත වෙනවා කියලයි අපේ කෙහෙළිය ඇමැතිතුමා කියන්නේ... එ් නිසා සංචිතය බින්දුවට බැස්සත් අපේ සැප වාහනටික ගෙන්වන එ්ක අවලංගු කරන්න නම් මොනම විදිහක්වත් නෑ ඔන්න... ඕනෑම නම් ඒ ගිණුමටම දාලා ගිලන්රථ 50ක් 60ක් ගෙන්වා ගත්තත් අපට ඇති රුදාවක් නෑ හරියැ..?
පිස්සෝ වගේ මෝඩ රිප්ලයි දෙන්න එපා. කරුණාකරලා මට දැන ගන්න පුලුවන්ද මොනවද මේ විදේශ සංචිත ඒවා කොහොමද රටකට බලපාන්නේ, ඒවා ඉවර වුනොත් මොකද වෙන්නේ, ඉවර වුනොත් ඊළඟ පියවර විදියට මොකක්ද රටකට වෙන්නේ? විදේශ සංචිත කොහොමද වැඩිකර ගන්නේ, ඇයි අවුරුදු 73ක දේශපාලන කාලයක ඒක අපිට වැඩි කර ගන්න බැරි වුනේ කියලා. දැනුමට යමක් විදියට එකතු කරගන්නයි ඕනෑ. මා කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහාය දී නොමැත. දෙන්නෙත් නැත.
කෝ අර 'කවුද සල්ලි නෑ කියන්නේ' කියලා අහපු කෙනා. මේ වගේ කාලකන්නි එක්ක කොහොමද රටක් පාලනය කරන්නේ..? පාලකයින් රට ඉතුරු ටිකත් හොරකම් කරගෙන අමෙරිකා යයි. අහිංසක ජනතාවට තමයි විඳවන්න වෙන්නේ...!!!
දැන් මට හිතෙනවා අර මහා ලොකු මුදල් ඇමැතිකම් වල කෙරුවාව සහ ගොබ්බ කබ්රාල්ලාගේ රට නැත්තටම නැතිවෙලා යන සංවර්ධනේ ගැන. මේවා නම් සහගහන අපරාධ, 225 සැප ගන්න තියෙන වියදම් පට්ගාලා කෙරෙනවා, කොමිස් ගහගන්න පුළුවන් වැඩ නම් පැන පැන කරන, හරි රට කරන්න උගත් කමක් නැති හෙංචයියන් ඇමතිලා සෙට් එකක් නඩත්තු කරන කාලාකණ්ණි. මේ අයට අවුරුදු 1.5 හමාරකට කළින් එන්නත් ඕඩර් කරන්න බැරි වුණා. පැණි මුට්ටි ප්‍රමෝට් කරකර, කෝවිල දිගේ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ඇබ්බැහිවෙලා ඉන්නවා ඇරුණාම...
ආර්ථික ඔස්තාර්ලා කියලා තමන්ම හඳුන්වාගන්න කට්ටිය... කෝ දැන් කිසිම කෙනෙක්ට අවබෝධයක් නෑ වෙන්නේ මොකක්ද කියලා. පෙට්ටගම හිස් කියලා කියනවා විතරයි. රටේ බදුමුදල් වලට මොකද වුණේ? සියලු දෙනාගේ වත්කම් හොයනවා නම් සතියෙන් භාණ්ඩාගාරය පුරවලා ණය ටිකත් ගෙවන්න පුළුවන්..
සියලු ජාතික ණය ජනතා අයිතියට පවරනු
මාධ්‍යට ඇවිල්ලා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොක්කෝ රටේ මුදල් පිලිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා.දන්න තරම තමා
මේ ඒ බිලියන 4 ඉවර වෙන්න කලින් ප්‍රාඩෝ ගේමු නැත්නම් කවදා ගේන්නද? එකත් සිංගප්පූරුව හරහා ගේමු පොඩි කොමිස් එකකුත් හොයාගන්න එපායැ.. ලංකාවේ ඒජන්සියකින් ගත්තොත් ගතමන්ට් එක ලීක් වෙන්න පුළුවන්.
1948 නිදහස ලද අපිට අඩුම තරමේ බැරිවුණා නේද අවුරුද්දකට ජීවත්වෙන්න තරම් මුදලක් ඉතුරු කරගන්න... 225 එලවන්න දැන්වත් හිතමු නේද?
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි" මොනවද මේ? IMF එකෙන්...? පහුගිය දවස්වල දේශප්‍රේමියෝ ඕක පට්ට ගැහුවා නේද? ලැජ්ජයි සෑර්...
අපේ සර් තමයි හරියටම කලේ
තවත් රට වහමු එතකොට හරි 1 ට බහි එතකොට