(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි තිබූ සාන්ද්‍ර අම්ල තවමත් මුහුදු ජලයට එක් වී නැති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඒවායින් මත්ස්‍ය සම්පතට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ප්‍රෝටීන් අවශ්‍යතාව වෙනුවෙන් මාළු පමණක් අනුභව කරන විශාල ජනතාවක් ලංකාවේ ජීවත් වන බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ පුරවැසියන්ට රජය දෙන විකල්ප ප්‍රෝටීනමය ආහාරය කුමක්දැයි ප්‍රශ්න කළේය.
දැනටමත් එළවළු මිල අතිශය ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී කුකුළු මස් ඇතුළු මාංශ වලද මිල වැඩිවන බව කියා සිටියේය.
අනාගතයේ දී ජනතාවට මුහුණ දීමට වන ප්‍රශ්න කිසිවක් ගැන වත්මන් රජයට දුරදක්නා නුවණින් ක්‍රියා කිරීමට පවතින නොහැකියාව මේ ප්‍රශ්නයේදීත් ප්‍රබලව පෙනෙන්නට තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය
COMMENTS
ඔබ හරි... අපිට ඕනේ ඈත පේන නායකයෙක්...
ඔයා ඉතින් හොරා පොලිස් කරකර ඉන්න...
සහතික ඇත්ත..
පේන කියන්න අපේ දේශපාලකයෝ හරිම දක්ෂයි... ඒ වුණාට හැමදාම ෆේල්...!!!
2015-19 අතර කාලය තුළ ඔබ සැම දුරදක්නා නුවණින් කළ කී දෑ අතර සාලාව අවි ගබඩාව පිපිරවීම, මීතොටමුල්ල ඛේදවාචකය, පාස්කු ප්‍රහාරය, ජිනීවා තොණ්ඩුව ආදිය ප්‍රධාන වේ. එම නිසා ඔබතුමාගේ මේ ප්‍රකාශය ජේවීපී කාරයන් හැර අනෙක් අය විශ්වාස නොකරනු ඇත.
අනේ නිකන් බම්බු ගහන්නේ නැතිව ඉන්න... !!!
කොහේද මෙච්චර කාලයක් හිටියේ...? දියසෙන් කුමාරයා වගේ තමයි කතාව...!!!
දුරදිග බලලා කරපු වැඩගොඩක් තියෙනවා...
රනිල් වික්‍රමසිංහ මැතිඳුනි, ඔබ දූරදර්ශී නායකයෙකි. සහතික ඇත්ත... නමුත් මිනිස්සුන්ට එම සත්‍යය පෙන්වන්න කෙනෙක් නැහැ. ඔවුන් අන්ධයෝ වගේ අඳුරේ අතපත ගානවා. දැන් ඉන්නේ නායකයෝ නෙමෙයි. බලය, ධනය ලෝභී පිරිසක්..
රනිල්ගෙන් අනාගතයේ දී සජිත්ට මුහුණ දීමට වන ප්‍රශ්න කිසිවක් ගැන සජිත්ට දුරදක්නා නුවණින් ක්‍රියා කිරීමට පවතින නොහැකියාව මේ ප්‍රශ්නයේදීත් ප්‍රබලව පෙනෙන්නට තිබෙන බව මට නම් පෙනෙනවා.. අහෝ දෙව්දත් නොදුටු මොක්පුර කිව්වලු...
වෙලාවට නැව ආවේ... නැතිනම් එල්ලෙන්න ගහක් නැතිව හිටියේ. ඔබතුමාගේ දුරදක්නා නුවණ සහ නායකත්වය අපි පාස්කු ඉරිදා දැක්කා. බොහෝම ස්තුතියි නොකළ සේවයට...
නැවේ තවදුරටත් නයිට්‍රික් අම්ලය තිබෙනවද? එහෙමනම් හානි නොවූ බහාලුම් තියෙන්න ඕනෑ. මේක විය හැකි දෙයක්ද?
අර සිංගප්පූරුවේ හැංගිලා ඉන්න මහේන්ද්‍රන් ගැන මොකවත් කියන්න බැරිද?
රනිල්ට රටේ ජනතාවගෙන් 97%ක් කැමැති නැත.
හලෝ, මේ නැව ගිලිලා තියෙන්නේ මුහුදේ, වැවක නෙවෙයි..!
දුරදක්නා නුවණ, දූරදර්ශී බව මේවා නැතිනම් සති දෙකෙන්... මහදවල් මහ බැංකුවට වැඩේ දෙයිද? දැන් තෙරක් නොපෙනෙන සාගරයේ පතුල අතගානවා... අනේද කියන්නේ?
කොච්චර දුර පෙන්නුවද කියනවා නම් එළොව පොල් පෙනිලා හිටියේ 2015න් පස්සේ...
මම හිතන්නේ රනිල් ඩිස්ලයික් කරන්නත් පත්වීමක් කාට හරි දීලා.. පුදුම ඩිස්ලයික් තොගයක් දාන්නේ... මෙච්චර මිනිස්සු ඡන්දෙ දුන්නා නම් සූත්තර පුංචා ගෙදර යන්නේ නැහැ.
රනිල් ඇත්ත කියනවට මහජනතාව කැමැති නැත.
මෙතුමාගේ මොන වැරැද්ද තිබුණත් මෙය විය හැකි තවත් විනාශයක් කියා තේරෙන්නේ මේ දක්වා මැරුණු මත්ස්‍ය සංඛ්‍යාව බලනකොට... අපේ රටේ හිටපු හැම ආණ්ඩුවකටම විපක්ෂෙ ඉද්දී දුර පේන නමුත් ආණ්ඩු පක්ෂයට ආවම දුර නොපෙනෙන්නේ ජනතාවගේ අන්ධ භක්තිය ඉවසාගනු බැරිව වෙන්න ඕනේ...
මගේ රට මේ දුක්බර තත්වයට පත් කරන්න දේශපාලනික වශයෙන් රනිල් කියන බක පණ්ඩිතයා තමයි බොහෝ වැඩ කටයුතු කලේ. 2015 ඉඳලා මෛත්‍රිපාල ජනපතිතුමාට බාධා නොකර හිටියානම් මේ රට මීට වඩා හොඳ තත්වයකට පත් වෙන්න තිබුණා. අනෙක් පක්ෂය ගොඩගන්න පුලුවන් පොදුජන හිතකාමි සජිත් මැතිඳුට කෙනෙහිලිකම් කර පක්ෂයෙන් යන තත්වෙට පත්කළා. තමන්ගේ පක්ෂයට යන එන මං නැතිකළ මෝඩ තකතීරු නායකයෙක් කියන දේවල් මේ රටේ ජනතාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. කීමක් තියෙනවා " ඔවා දෙනු පරහට, තමා සම්මතයෙහි පිහිටා සිට.." කියලා.
දැන් ඉතින් අර කඩුවෙන් කොස් තමයි කොටන්න වෙන්නේ.