IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


නාය යෑමෙන් අවතැන් පවුල් වලට අය වැයෙන් මුදල්

(අංජුල මහික වීරරත්න)

නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල ජීවත් වන පිරිස ඇතුළු  අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සඳහා  අයවැය මඟින් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති 28 වන   ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍යවරිය  මෙම අදහස් පළ කළාය.

ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) සහ ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය (SLAPSW) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව නොවැම්බර් 18 සිට 21 දක්වා කොළඹ දී “දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටළු සඳහා සමාජ කාර්යයන්හි ප්‍රතිචාර” යන තේමාව යටතේ පැවැත්වේ.

"ශ්‍රී ලංකාව නිරන්තරයෙන් වෙරළ ඛාදනය, අනපේක්ෂිත මෝසම් වැසි, නාගරික ගංවතුර, නියඟ වගේම කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට සෘජුවම බලපාන අනෙකුත් දේශගුණික ආශ්‍රිත අභියෝගවලට මුහුණ දෙනවා. මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන්  සමාජ අසමානතාවයන් තවත් උග්‍ර වෙනවා වගේම ඒ නිසා ගොවීන්, ධීවරයින්, වතුකරයේ ප්‍රජාවන් සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට අහිතකර ලෙස බලපානවා.

මෙම අභියෝගවලට මුහුණ දීමේදී සමාජ සේවකයින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා.  ආපදාවල දී ක්ෂණික ආධාර, මනෝ සමාජීය සහාය මෙන්ම දිගුකාලීන පුනරුත්ථාපන පහසුකම් සපයමින් එම අවස්ථාවල දී බොහෝ විට පළමු ව මැදිහත් වන්නේ ඔවුන්.  ශ්‍රී ලංකාවේ සමාජ සේවකයින් ප්‍රජා බලගැන්වීමේ හැකියාව ශක්තිමත් කරනවා වගේම තරුණ පරපුර සහ කාන්තාවන් බලගැන්වීමට සහාය වෙනවා, ඒ වගේම පරිසරය  වෙනුවෙන් පෙනී සිටිනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

 

 



අදහස් (0)

නාය යෑමෙන් අවතැන් පවුල් වලට අය වැයෙන් මුදල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 75 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 910 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2533 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site