(ප්‍රසාද් රුක්මල් )
නාය යාමට ලක්වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස්රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ ධාවනය සදහාද අවසර ලබා දුන් බව හාලිඇල පොලිසිය පවසයි .
නාය යාමට ලක්වූ මාර්ගය හරහා මගී ප්‍රවාහන බස්රථ ඇතුලු බරවාහන ධාවනය ඊයේ (10) පස්වරු 6.00 සිට ධාවනය නතර කර දැමීමට තීරණය කළ බවද හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා පැවසීය .
ඒ අනුව බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන මගී ප්‍රවාහන බස්රථ ඇතුලු බරවාහන ධාවනය සදහා විකල්ප මාර්ගය ලෙස බදුල්ල හාලිඇල ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය හදුන්වා දී තිබූ අතර , පසුව පැය කීපයකට පසුව යළි ඊයේ (10) රාත්‍රි සිට මගී ප්‍රවාහන බස්රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ වලට මාර්ගයේ ගමන් කිරීමට අවසර දී තිබේ.
ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව
කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නාය ගිය උඩුවර මාර්ගයේ මගීබස්-පාසල් බස් ධාවනයට අවසර