IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා

( ෂේන් සෙනෙවිරත්න)

ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන්  තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 08වැනි දිනදී මෙම කොල්ලය සිදුව තිබුණේ වෙළම්බොඩ ප්‍රදේශයේ අදාල ව්‍යාපාරිකයාගේ නිවස තුළදී බව පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරිකයාට සැකකරුවන් විසින් කැරට් විසිහතරේ රත්තරන් බිස්කට් එකක් ලබාදී එහි ගුණාත්මක බව පරීක්‍ෂා කරනලෙස දැනුම් දී තිබෙන අතර ඒ අනුව ව්‍යාපාරිකයා එය පරීක්ෂා කිරීමේදී එය නියම කැරට් විසිහතරේ රත්තරන් අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව සැකකරුවන් ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත්තේ ඒ ආකාරයේ තවත් රත්තරන් බිස්කට් කිලෝ 15ක් ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි 22ක් අවශ්‍ය බවත්ය.

ඒ අනුව ව්‍යාපාරිකයා විසින් ඔහුගේ රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් හා නිවසේ අඹු දරුවන්ගේ ස්වර්ණාභරණද උකස් කොට තවත් යාළු හිත මිත්‍රාදීන්ගෙන් මුදල් ණයට ලබාගෙන රුපියල් කෝටි විසි දෙක සකසාගෙන තිබේ.

කතිකා කරගත් පරිදි ඉකුත් 08වැනි දින පුද්ගලයන් 08 දෙනකු වෑන් රථයකින් පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි අනිකුත් සාමාජිකයන් සූක්ෂම ලෙස වෙනත් නිවසකට පිටත්කොට යවා ව්‍යාපාරිකයාගෙන් එම මුදල් පැහැරගෙන පලා ගොස් තිබේ.

 

 



අදහස් (0)

ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 37 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ
2025 මැයි මස 12 157 0

‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ


රනිල් ගංගාරාමයට
2025 මැයි මස 12 233 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.


වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ
2025 මැයි මස 12 118 0

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය


දන්සැල් ගැන දැනුම් දීමක්
2025 මැයි මස 12 206 0

බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා
2025 මැයි මස 12 1783 0

ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1177 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1484 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 384 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site