(ඩයනා උදයංගනී)
නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන සුරාබදු ආඥා පනත හඳුන්වා දී ඇත්තේ 1912දී ය.
එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට මේ අනුව කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරනාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද ඇමතිවරයා කීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නව සුරාබදු පනතට අනුමැතිය
Lalla Wednesday, 15 February 2023 08:39 AM
දියුණු රටවල කරන විදිහට දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන වයින් බ්‍රැන්ඩි වගේ දේ නිපදවන කුඩා ව්‍යාපාර සංවර්ධනය කරන්න උත්සාහ කරන්න. පොල්වතුර තැඹිලිවතුර අපතේ යනවා. කාලයකට තියෙන පලතුරු වර්ග ආදියෙන් ඉන්දියාව හිමාචාල් ප්‍රදේශයේ වගේ වයින් වර්ග ප්‍රචලිත කර තිබෙන අයුරු සලකා බලන්න.