IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නව වී ප්‍රභේද හතරක්

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව වී වර්ග හතරක්  හඳුන්වා දී තිබේ.

2022 වසර සඳහා වන කාර්ය සාධන වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

ඒ අනුව  Ld 376, BG 377, At 378, BG 381 යන වී වර්ග හතරක්  හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන වී වර්ග වශයෙන් හදුන්වා දී තිබේ.

Ld 376 වී ප්‍රභේදයෙන් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4-6 දක්වා අස්වැන්නක් වියලි හා තෙත් කලාපයේ කුඹුරු වලින් ලබා ගත හැකි බව අමාත්‍යාංශය පවසයි.

BG 377 වී ප්‍රභේදය ද වියලි කලාපයේ කුඹුරු වල පහසුවෙන් වගා කළ හැකි අතර හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකිය.

At 378 වී ප්‍රභේදය වියලි හා තෙත් කලාපවල වගා කළ හැකි වී ප්‍රභේදයකි. තෙත් කලාපයේ කුඹුරු වලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.3ක් හා වියලි කලාපයේ කුඹුරු වලින් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 7.3ක අස්වැන්නක් මෙම වී ප්‍රභේදය වගා කිරීම මගින් ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

BG 381 වී ප්‍රභේදය ද ඉහල අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේදයකි.මෙයින්  හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකි බව අමාත්‍යාංශය කියයි.

 

 



අදහස් (2)

නව වී ප්‍රභේද හතරක්

පැරකුම් Thursday, 06 July 2023 02:53 PM

අපේ පර්යේෂකයින්ගේ එකම අරමුණ අස්වැන්න පමණක් වගෙයි පෙනෙන්නේ. අනිකුත් අත්‍යාවශ්‍ය සාධක ගැන කතා නොකරයි. මේවා භාවිතා කර ගොවියා අමාරුවේ වැටුනාම ගොඩගන්නේ කවුද..?

:       0       0

වසන්ත Saturday, 14 October 2023 10:38 AM

නව වී ප්‍රෙභ්ද ගොවීන් හට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site