IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා සහ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2023.10.9 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ.

ඒ අනුව එකී නිර්දේශ මත පදනම්ව වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 



අදහස් (4)

නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට

Lalla Tuesday, 07 May 2024 09:30 AM

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ත්‍රස්තවාදි කණ්ඩායමක් කියල නම් කරන්න නීති නැතිද? උන් විතරක් ඉගෙනගත්ත එවුන් කියල හිතාගෙන ඉන්න එක මදිවට අති විශේෂ සැලකිලි ඉල්ලන සහ පිනට ඉගෙනගන්න එකාල රටහැර යාමත් අනුමත කරන හොරු රෑනක්.නේද?

:       17       25

අංකූරාTuesday, 07 May 2024 10:44 AM

ඔය තනතුර ගන්න බලාගෙන සිටින අංකූරොත් උන්ට නොදෙවෙනි ආකාරයට කටයුතු කරන බව කියන්න ඕන සාමාන්‍යයෙන් දුර බැහැර ප්‍රදේශවල වෛද්‍ය සිසුන්ට නේවාසිකාගාරයේ ඉඩ පහසුකම් දියයුතු වුනත් ඒකට ඒවායේ සිටින අංකූරො අකමැතියි 4 දෙනෙකුට ඉඩ තියෙන කාමරයේ බොහෝවිට ඉන්නෙ එක අංකූරෙක් විතරයි රජයේ මුදල් මෙහෙම නාස්ති කිරීමට මේට්‍ර්න් වුනත් බොහෝ උදව් කරනවා කියලා පැහැදිලියි සාමාන්‍යයෙන් එක වසරක සිසුන්ට පළමු මහලේත් දෙවැනි වසරේ සිසුන්ට දෙවැනි මහලේත් තෙවැනි වසරේ අයට තෙවැනි මහලේත් ලෙසට නේවාසික පහසුකම් සලස්වනවා නම් ඉතාමත් සාධාරණයක් වෙන්න පුළුවන් මේවා ගැනත් අවධානය යොමුකිරීම බලධාරීන්ගේ අනිවාර්ය වගකීමක් බව කිවයුතුය

:       1       8

nimeshTuesday, 07 May 2024 02:39 PM

වෛද්‍ය සිසුන් හිතන් ඉන්නේ එයල ඔක්කොටම නේවාසික පහසුම් දිල ඉවර වෙල තමා අනිත් සිසුන්ට දෙන්න ඕනි කියල. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ වෛද්‍ය සිසුන්ට කාමර නැත්තම් සම සෞඛ්‍ය සිසුන් කාමර වලින් අයින් වෙල උන්ට කාමර දෙන්න ඔනි.

:       1       8

nimesh Tuesday, 07 May 2024 11:37 AM

හෙදියන්ගේ උපාදියට බාල්දි පෙරලල සම සෞඛ්‍ය සිසුන්ගේ වසර 3 උපාධිය වසර 4 කරනවාට විරුද්ධ වෙලා තමන්ගෙ හීන මානය ඔලුව උඩ තියන් ඉන්න ලංකාවේ දොස්තරලා එයාලගේ සේවයට අලුත් ආඥා පනතක් ගෙනත්.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site