IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


නව රාත්‍රී පූජාවක් මැති සබයේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කෙරෙන නවරාත්‍රී පූජෝත්සවය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී  පැවැත්විණ

මේ අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද සහභාගි විය

ධීවර, ජලජ සහ සාගර සම්පත්  අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ අනුග්‍රහයෙන්,  කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා පාර්ලමේන්තුව හා එක්ව  මෙම උත්සවය  සංවිධාන කෙරිණ

භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්‍රී උත්සවය හැඳින්වෙන  අතර  මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය  දින 9ක් රාත්‍රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්‍රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා  පවත්වන අතර  සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්‍රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න්  පසු 10වන  දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්‍යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.

ඒ අනුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නවරාත්‍රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් පූජකවරු ආගමික චාරිත්‍ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් සහ වාදනයන්ගෙන් වර්ණවත් විය.

මෙහිදී අදහස් දක්වමින්  ආචාර්ය හරිනි අමරසුරිය අග්‍රාමාත්‍යතුමිය මෙම පූජෝත්සවය පැවැත්වීමෙන් ලැබෙන ආශීර්වාදය  සමස්ත රටටම ආශීර්වාදයක් වන බවත් එම ආශීර්වාදයෙන් මේ වනවිට සිදුකරගෙන වැඩ කටයුතු වඩාත් හොදින් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබෙන බවත්  පැවසුවාය.

මෙහිදී  අදහස් දක්වමින්  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, මිස දුටු අදහස්වලින් යුත් මිනිසුන් ඉන් මුදවාගැනීමට අවශ්‍ය ශක්තිය  මෙම දේවතාවියන්ට  පුද පුජා  පැවැත්වීම ඔස්සේ ලැබෙන බව පැවසුවේය. මෙම දේවතාවියන්ගේ  ගුණ මිනිසුන්ද  උකහාගත යුතු බවත් එම දේවතාවියන්ගේ ආශීර්වාදයෙන් ප්‍රඥාවන්ත මිනිසුන් නිර්මාණය වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින්  කථානායකවරයා  පැවසුවේය.

මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය  (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි,  විපක්ෂයේ ගරු  ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ද ,  අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්,  මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තුවේ  වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ  නිලධාරී මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක් ද  සහභාගී වී සිටියහ.



අදහස් (4)

නව රාත්‍රී පූජාවක් මැති සබයේ

පන්සිළු Thursday, 09 October 2025 05:52 PM

මිසදුටුවෙන් මිදීමට දේවතාවන්ට පූජා තියන්නලු. නියම කතාව. මිසදිටු කියන්නේ මොකද්ද? මගේ මේ මොළේ පැටළුණා. ඒකයි අහන්නේ...

:       2       15

Lalith Friday, 10 October 2025 01:55 AM

ප්‍රේමදාස මහත්තයා නම් කුකුල්ලු සියක් කැපුවා පූජාව තියන්න. මේපාර කීයක් ද?

:       0       2

රනේ Friday, 10 October 2025 06:22 AM

ම්නිසා යහ මඟට ගැනීම සෑම ආගමකම උත්සාහයයි..

:       1       2

Nevil Friday, 10 October 2025 10:34 AM

ඩයස්පෝරාව කියන සියල්ල කරනවා, IMF එක කියන කියන සියල්ල කරනවා, ලෝක බැංකුව කියන සියල්ල කරනවා,

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site