
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(13) අක්තපත්‍ර බාර දුන්හ.
කොළඹ සිටින කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින්, Ms. Isabelle Marie Catherine Martin, High Commissioner of Canada, based in Colombo, කොළඹ සිටින නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩි බෝයර්,Mr. Wiebe Jakob De Boer, Ambassador of the Kingdom of the Netherlands, based in Colombo, කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත්, Mr. Matthew John Duckworth, High Commissioner of the Commonwealth of Australia, based in Colombo,නවදිල්ලියේ සිටින ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි, Mr. Abdenor Khelifi, Ambassador of the People's Democratic Republic of Algeria, based in New Delhi, නවදිල්ලියේ සිටින අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් Mr. Benedikt Höskuldsson, Ambassador of the Republic of Iceland, based in New Delhi මහත්ම මහත්මීහු මෙලෙස අක්තපත්‍ර බාර දුන්හ.
මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස උණුසුම් ලෙස පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන් වෙත සිය සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙසද ඔවුන්ට ආරාධනා කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව රාජතාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති