IMG-LOGO

නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්

(යොහාන් භාසුර)

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසීය.

මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාලඹේ, අතුරුගිරිය සහ කටුනායක සහ උප නගර කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවට ප්‍රදේශයේ තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ද, ඉදිකිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ ඉදිරිකිරීම්වලින් සියයට 40 ක් පමණ මේ වන විට අවසන්ව ඇති බව කියන එම අමාත්‍යංශය ශක්‍යතා අධ්‍යනයෙන් පසුව සෙසු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් ද ආරම්භ කරන බව ද එම අමාත්‍යංශය කීය.  



අදහස් (2)

නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්

kumara Saturday, 22 March 2025 07:39 AM

උදෑසනට කාර්යාල කාලය තුළ දුර සිට පැමිණෙන දුම්රිය කොළඹට ඇතුළු නොවී, මුහුදුබඩ සඳහා මොරටුවත්, උඩරට සඳහා ගම්පහත් ආදී වශයෙන් නවත්වන්න. ඉන් පිටත්වන මගීන් සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණෙන මගීන්ට කොළඹ සහ ඒ ආසන්න නගර සීමාව තුළ වැඩි ප්‍රමාණයකින් ධාවනය වන දුම්රිය පද්ධතියක් හඳුන්වා දෙන්න. උදාහරණ ලෙස මොරටුව සිට දිගින් වැඩි දුම්රිය හෝ එකම දිශාවට එකක් පසුපස එකම සංඥා යටතේ ධාවනය කළ හැකි අයුරින් හෝ එසේත් නැතිනම් මිනිත්තු පහක වැනි වෙනසකින් දුම්රිය ගණනාවක් කොළඹ දිශාවට එක් දුම්රිය ධාවන තීරුවකත්, කොළඹ සිට මොරටුවට (හෝ අදාල ප්‍රදේශයට - උදා ගම්පහ විය හැක) ධාවනය වන අයුරින් ක්‍රියාත්මක කරන්න. මෙම දුම්රිය යම් කාර්මික දෝෂයකට ලක් වුවහොත් ඒවායේ දුම්රිය එන්ජින් වහාම වෙනස් කළ හැකි ආකාරයට සහ පීලි පැනීම් ආදියෙන් යලි සකසාගත හැකි අයුරින් ක්‍රම වේදයන් සකසන්න. සීමාව කෙටි කර වැඩි කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන්න. දුර සිට ධාවනය වන දුම්රිය කොළඹට කෙලින්ම ගෙන ඒමෙන් දුම්රිය මාර්ගය සංඥා පද්ධති සියල්ල උපරිම ධාරිතාවයට ලං විය නොහැකි අයුරින් සංකීර්ණ වේ. නිවැරැදිව ක්‍රියාත්මක කරන්නේ නම්, පොදු ප්‍රවාහණයට ජනතාව යොමු කරවිය හැකිය.

:       1       7

de silva Sunday, 23 March 2025 02:17 PM

හොඳම විසදුම ගොට්භය රජය විසින් නතර කරන ලද සැහැල්ලු දුම්රිය වියාපෘතිය නැවත ක්‍රියාත්මක කරන එක, මේ අවමානෙට පස්සේ ජපන්නු නම් මේක කරන්න එන්නේ නැහැ... අර ශ්‍රී ලන්කන් සුදු අලියා වහලා දමලා ඒකට අවුරුදු පතා වියදම් කරන මුදල් මේකට යොදවන්න. අර කන්ටේනර් පෙට්ටි පටවන්න බැරි නිසා සැහැල්ලු දුම්රිය වැඩක් නැහැ කියපු ලලිතසිරි ගුණරුවන්ව අහුවුනොත් හොම්බට දෙකක් අනිනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 59 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 313 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 478 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1262 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 297 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 647 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1405 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1606 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site