IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


‘ නව නිදහස් අරගලය අවසන් කරනවා’

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ නව නිදහස් අරගලය ජාතික ජනබලවේගය අවසන් කරන බව  ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.

මහනුවරදී පැවැති ජාතික භික්ෂු පෙරමුණේ මහ සඟ සමුළුවේදී වකමුල්ලේ උදිත හිමියෝ එසේ පැවසූහ.

මෙරට දේශපාලන, ආර්ථික, සමාජමය, සංස්කෘතික වශයෙන් වැනසීමේ වේදනාව ශ්‍රී ලංකාව පුරාම ජාති,  ආගම්, කුල භේදයකින් තොරව අපට සෑම තැනින්ම ඇසෙන බවත් අට පිරිකරටත් බදු ගහලා, පාත්තරේටත් වැට් ගහලා, පොඩි ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය දෙන්න අමාරුයි කියලා ලොකු හමුදුරුවෝ පවසන බවත් වකමුල්ලේ උදිත හිමියෝ කීහ.

ජනතාව පිරිනමන දානයෙන් යැපෙන හාමුදුරුවන්ටත් ජීවත් වීම අපහසු වී ඇති බව කී උන්වහන්සේ විදුලි බිල, ජල බිල, ගෙවන්න, බෙහෙත් ටික ගන්න, ඉස්ලාම්, කතෝලික, හින්දු ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන පල්ලි, කෝවිල් පවත්වාගෙන යන්න අමාරු තත්වයනක් උදාවී ඇති බව ද සඳහන් කළහ.

රටේ සියලුම දෙනාම වසර 133 ක සුද්දාගේ පාලනයත්, වසර 76 ක කළු සුද්දාගේ පාලනය යටතෙ කළ විනාශය අපට හැම තැනින්ම ඇහෙන්න ලැබෙන බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ. 



අදහස් (8)

‘ නව නිදහස් අරගලය අවසන් කරනවා’

සෙනෙවිරත්න Sunday, 03 March 2024 12:16 PM

මෙතන තමයි නියම සංඝ සමාජය ඉන්නේ, ආර්ථික වාසි තකා ඉන්න අය නෙමෙයි. නොබියව සත්‍ය තත්ත්වය අවබෝධ කිරීම ගැන සතුටුයි...

:       0       0

ලෝකාන්ත​​ Sunday, 03 March 2024 12:24 PM

බදු අඩු කරගැනීමේ නිදහස් සටන ආරම්භයි. එකතු වෙන්න​. ලාල් කාන්ත උපාසක මහතාගේ පෙරහැරටත් වඩින්න​, වැනසුවායි කියා දෙසන සංස්කෘතියක් තියත් ගොඩගන්න.

:       0       0

Vithana Sunday, 03 March 2024 01:07 PM

87-89 භීෂණ සමයේ ගල් කටස් තුවක්කුවෙන් හාමුදුරුවරු හත්සිය ගාණක් ඝාතනය කළා. අද නව නිදහස් අරගලයක් ගැන කතා කිරීම විහිළුවක්..!

:       0       0

රාජේශ් ඛන්නා Sunday, 03 March 2024 02:15 PM

අපේ හාමුදුරුවන් කලබල වෙන්න එපා. එදා ඉඳන් ම බස් ගිනිතියලා, ගෙවල් ගිනි තියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා, තමන්ගේ මතයට විරුද්ධ වූ අහිංසක මිනිසුන් තම අඹු දරුවන් ඉදිරියේ ම අමු අමුවේ මරලා රාජ්‍ය දේපළ විනාස කරපු අයට ඉදිරියටත් බෝර්ඩ් අල්ලාගෙන පාරේම තමයි ඉන්න වෙන්නේ. එදා හැට නව ලක්ෂයක් සමග එකතුවෙලා මල් වට්ටි බාප්පෙකුට රට බාර දුන්නා. එයා රට ගොඩගන්න බැරි තැනටම පරම්පරා ගණනකට ම ඇති වන්න රටේ ලේ උරා බීලා ඌරෙක් වගේ මහත්වෙලා පැත්තකට වුණා. දැන් අතීතය අමතක වුණු කෙනෙකුට රට බාර දෙන්න දඟලනවා. රටින් ලැබෙන ණය කන්දරාවෙන් ලැබුණු සහනයෙන් ඔබ වහන්සේලාට සප්පායම් වෙන්න ලැජ්ජාවක් නැහැ. ඒත් ණයබර අඩුකර ගන්න අයකරන බද්ද ගැන බණ දේශනා කරන්න පටන් අරන්...

:       0       0

මැක්ස් Sunday, 03 March 2024 06:37 PM

76න් සෑහෙන කොටසක් ජවිපෙටත් හිමියි. ගිනි තිබ්බ පොදු දේපළ ගැන ටිකක් කල්පනා කරන්න. ඒ වගේම 88/89 කාලේ ජවිපෙට ගොදුරු වුණු කීයක්උන්නද කියලත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්න ඕනේ..

:       0       0

Srinath priyantha Sunday, 03 March 2024 10:52 PM

සාදු, සාදු... ජයවේවා..!

:       1       1

Chandana Monday, 04 March 2024 10:35 AM

ජජබය ආපුවාම අපි ආයිත් පෝලිම්වල දුක් විඳින්නයි වෙන්නේ. ඒක තමයි නිදහස් අරගලය.

:       0       2

L D V Gunasekare Monday, 04 March 2024 02:22 PM

නව ජාතික ව්‍යාපාරය කාලීන වශයෙන් අතිශයින් වැදගත් මෙහෙවරක් ඉටු කරයි. පවුල්වාදී සහ ජාතිවාදී දේශපාලන ආකෘතියෙන් රට ගලවා නව ලිබරල්වාදී ජනතාවාදී පාලනයක් තුළින් ආර්ථික සමාජීය දේශපාලන සහ සංස්කෘතික පුනරුදයක් සඳහා භික්ෂූන් වහන්සේලා ජාතික ජනබලවේගය සමග අත්වැල් බැඳ ගැනීම අතිශයින් ප්‍රසංශනීයයි. ජයශ්‍රී!

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 4 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 399 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකු එම පාසලේම නවවැනි ශ්‍රේණියේ සිසුවකුට එල්ල කළ පිහි පහරකින් තුවාල ලැබූ සිසුවා වතුපිටිවල මූ


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 929 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


වීසා
2024 මැයි මස 05 6 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 456 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 181 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 492 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1940 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1708 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site