IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ

(සුජිත් හේවාජුලිගේ සහ  ඉන්දිකා රාමනායක)

එයාර් වයිස් මාර්ෂල් උදේනි  රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී.

ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල්  සුදර්ශන පතිරණ මහතා අද  (29) විශ්‍රාම ලැබීය.  උදේනි රාජපක්ෂ මහතා පත් කෙරුණේ ඒ අනුවය.

උදේනි රාජපක්ෂ මහතා  ගුවන් හමුදාපති ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය. ඔහු  මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූයේ 2022 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදාය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන රාජපක්ෂ මහතා යුද සමයේදී ගුවන් මෙහෙයුම් රැසකට
දායකත්වය දුන්   පළපුරුදු ගුවන් නියමුවෙකි.

ඔහු ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම    සහ  බණ්ඩාරනායක   යන පාසල්වලින් මූලික අධ්‍යාපනය ලබා  ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය.

රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට 1988 වර්ෂයේදී බැඳී ඇත්තේ කැඩෙට් නිලධාරියකු වශයෙනි. ඔහු 1990 වසරේදී පියසර නිලධාරියකු ලෙස අධිකාරි ලැබීය.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන උදේනි රාජපක්ෂ මහතා  ප්‍රහාරක  සහ  මගී ප්‍රවාහන ගුවන්යානා දහයක් පැදවීම සම්බන්ධයෙන් ප්‍රවීණතා ලැබූවෙකි.

උදේනි රාජපක්ෂ මහතා  ගුවන් හමුදා මූලස්ථානයේදී  හෙට ( 30) පෙරවරුවේ ගුවන්   හමුදාපති ධූරයේ  වැඩ බාර ගැනීමට නියමිතය.



 

 



අදහස් (3)

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ

Siri Thursday, 29 June 2023 09:57 PM

ගුවන් හමුදාවේ විශිෂ්ඨ ගණයේ ගුවන් නියමුවෙකු වන එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා යුද කාලයේ දී හෙළිකොප්ටර් ගුවන් නියමුවෙකු ලෙස යුද පෙරමුණේ තුවාල ලත් සෙබලුන්ගේ දිවි බේරා ගැනීම සඳහා දිවා රෑ නොබලා උත්තම සේවයක් ඉටු කරන ලද අයෙකි. එතුමා අවංක, දුෂණයෙන් තොර අයෙකි. එමෙන්ම විශිෂ්ඨ සේවා විභූෂණ, රණශූර, උත්තම සේවා ආදී සම්මානයන්ගෙන් පිදුම් ලද්දෙක් මෙන්ම ලංකාවේ පිහිටි සියළුම ගුවන් හමුදා කඳවුරුවල 'බේස් කමාන්ඩර්' ධූරය දරා ඇත්තෙකි. මේ වනවිට භේදභින්න වී ඇතැයි කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිසි මාර්ගයකට ගැනීමට ‌උදේනි රාජපක්ෂ මහතාට හැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාස කරති. ඔහු ගැන මෙහිදී සටහන් කළ යුතු අනෙක් වැදගත්ම කරුණ නම් මෙම ගුවන් හමුදාපති ධුරය ලබා ගැනීම සඳහා ඔහු කිසිවෙකු පසුපස නොගිය අයෙකු වීමයි. එතුමාට සුබඅනාගතයක් පතමු.

:       0       0

W.M.C.Weerasinghe Friday, 30 June 2023 11:49 AM

මගේ සුභපැතුම්

:       0       0

Siri Friday, 30 June 2023 12:30 PM

ගුවන් හමුදාවේ විශිෂ්ඨ ගණයේ ගුවන් නියමුවෙකු වන එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා යුද කාලයේ දී හෙළිකොප්ටර් ගුවන් නියමුවෙකු ලෙස යුද පෙරමුණේ තුවාල ලත් සෙබලුන්ගේ දිවි බේරා ගැනීම සඳහා දිවා රෑ නොබලා උත්තම සේවයක් ඉටු කරන ලද අයෙකි. එතුමා අවංක, දුෂණයෙන් තොර අයෙකි. එමෙන්ම විශිෂ්ඨ සේවා විභූෂණ, රණශූර, උත්තම සේවා ආදී සම්මානයන්ගෙන් පිදුම් ලද්දෙක් මෙන්ම ලංකාවේ පිහිටි සියළුම ගුවන් හමුදා කඳවුරු වල 'බේස් කමාන්ඩර්' ධූරය දරා ඇත්තෙකි. මේවනවිට භේද භින්න වී ඇතැයි කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිසි මාර්ගයකට ගැනීමට ‌උදේනි රාජපක්ෂ මහතාට හැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාස කරති. ඔහු ගැන මෙහිදී සටහන් කළ යුතු අනෙක් වැදගත්ම කරුණ නම් මෙම ගුවන් හමුදාපතිධූරය ලබා ගැනීම සඳහා ඔහු කිසිවෙකු පසුපස නොගිය අයෙකු වීමයි. එතුමාට සුභ අනාගතයක් පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site