IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි

(අංජුල මහික වීරරත්න)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට  අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ‍ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති  වැඩසටහනේදී  අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 

නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව  සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා. ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා.

 මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගනනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස  මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත්  අධ්‍යාපනය සහ දරුවන් ඒකට ගාව ගන්න එපා. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව  එකී විෂයන් හදාරන්නේ   කොහොමද  කියන එක අපි කියලා තියෙනවා.  තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්වය සමාජයට ගෙනියන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය. 



අදහස් (6)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි

de silva Thursday, 17 July 2025 12:30 PM

ඉතිහාසය , සවුන්දර්යය කරපු මිනිස්සු රටේ ඕනේ තරම් ඉන්නවා ඔවුන් උද්ගෝෂණය කරනවා රැකියා නැතිව , අපට අවශ්‍ය පුහුණු , කෝකියෝ , මේසන්වරු , වඩු කාර්මිකයෝ , මෝටර් කාර්මිකයෝ වැනි වුර්තින් , අපොස සා පෙලින් පසු අර ජෙර්මන් ටෙක් එකේ කෙරෙන ආකරයට උසස් ගණයේ වසර 3 ක වුර්තිය පුහුණුවක් දෙන්න කටයුතු කරන්න , විශ්ව විද්‍යාලවල ඉඩ තිබෙන ප්‍රමාණය සොයා බලලා එම ප්‍රමාණයට ගැලපෙන සිසුන් ප්‍රමාණයකට පමණක් අපොස උසස්පෙළ කරන්න ඉඩ දෙන්න , අනෙක් පුද්ගලයන්ට වුර්තිය පුහුණුවක් දෙන්න , ස්තුති

:       0       1

Nickon Thursday, 17 July 2025 01:01 PM

අර නරිමෝලා කෑගහනවනේ නෝනෙ. මාලිමා ආණ්ඩුවෙන් ඌට මස්කට්ටක් ලැබුණෙ නැති හින්දනේ ඔය බෑඟිරිය. ඌට පොඩි තනතුරක් දීලා ඔන්න ඔහෙ පැත්තකින් තියන්න. එතකොට ඌ ෂේප් එකේ ගොං කතාවක් දෙකක් බුකියේ කියාගෙන ඉඳියි ඉස්සර වග‍ේ.

:       0       0

ගුණරත්න Thursday, 17 July 2025 02:41 PM

මිනිස්සු බනින්න ගත්තාම තාලේ හිමීට වෙනස්කරගෙන විවේචනය කරපු අයටම බනිනවා, මාලිමාවේ දේශපාලනේ හැටි! අපි ආණ්ඩුවේ ලියැවිල්ලක් දැක්ක සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණු ලියැවිල්ලක්, එහි තිබ්බේ ඉතිහාසය ඔප්ෂනල් කියලා, ඕන නම් කරන්න! ඔන්න ඔහොම තිබ්බේ...

:       5       6

අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:38 PM

ඉතිහාසය කන්නද කියලා ඇහුව නායකයෝ ඉන්න රටක, ඒ කාලයේ මීක් නැතුව හිටිය තාත්තාලාගේ පුතාලාට දැන් ඉතිහාසය ප්‍රේමය දෝරේ ගලනවා.

:       8       7

RasikaFriday, 18 July 2025 04:59 AM

71 සහ 88/89 ඉතිහාසය කන්නද කියලා ගොඩක් අය දැනුත් අහනව

:       2       2

pj Friday, 18 July 2025 05:03 AM

1971 1988 1989 වගේ වර්ෂ ඉතිහාසයෙන් ඉවත් කළොත් හොදටම අ ැති......

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site