( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ හැඳුනුම්පතක් මෙන්ම විදේශ ගමන් බලපත්‍රයක් විමර්ශනයට ආ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මාලබේ උඩවත්ත ප්‍රදේශයේ සමාගමක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර මෙම මහා වංචාව සිදු කර තිබූ බව පොලිසිය කියයි..
සැකකරුගේ එම වංචාවට හසුව රුපියල් කෝටි තුන හමාරකට ආසන්න ප්‍රමාණයක මුදල් අහිමි කරගත් පුද්ගලයන් 26 දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සහ මාලබේ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.
එම පැමිණිලි අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු කාර්යාලය පවත්වාගෙන ගිය මාලබේ උඩවත්ත ප්‍රදේශය කරා ගියද සැකකරු ඒ වන විටත් එය වසා දමා ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු විවිධ පුද්ගලයන්ට නිවාස ඉදිකර දෙන බව පවසා ඔවුන් ඔවුන් අත තිබෙන ලක්ෂ 10 හෝ 20 ලබාගෙන රුපියල් ලක්ෂ 80 ක ණය මුදලක් ලබා දෙන බව පවසා ගිවිසුම් අත්සන් කර තිබූ බව පොලිසිය කියයි.
.
ඒ ආකාරයෙන් ඔහු කිසිම පුද්ගලයෙකුට සාදාදුන් නිවසක් හෝ ලබා දුන් ඉඩමක් නැති බව මේ වන විට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරුගේ නමින් තිබෙන බැංකු ගිණුම් සම්බන්ධයෙන් සහ සැකකරු තවත් මේ ආකාරයෙන් වෙනත් ප්‍රදේශවල සමාගම් පවත්වාගෙන යමින් මුදල් වංචා කර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාස සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි