IMG-LOGO

නිවෙස්වල නවතා තිබූ වාහනවල ඉන්ධන සොරාගත් 4 ක් මාට්ටු

(තුසිත කුමාර ද සිල්වා )

අළුත්ගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී නිවාස වල දින කිහිපයක් පුරා රාත්‍රියේ නවතා තබන   ත්‍රීරෝද  රථ වල ඉන්ධන ටැංකි  තුළ පුරවා තබන  පෙට්‍රල් ප්ලාස්ටික් බැරල් වලට පුරවා සොරකම් කළ බව කියන සිව්දෙනෙකු අද(10) අත්අඩංගුවට ගත් බව අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාපැවසීය.

මෙවැනි  සිද්ධින් සම්බන්ධයෙන් ලද පැමිණිලි ඔස්සේ ක්‍රියාත්මක වූ පොලීසිය  ආරක්ෂක  කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳ සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ ත්‍රීරෝද රථ නවතා තිබෙන පරිශ්‍ර තුළට රහසිගතව ඇතුළු වී එම  සැකකරුවන් ත්‍රිරෝද රථවලින්  ඉන්ධන සොරකම් කර අනතුරුව තිරෝද රථයේ අඟුලු ද කඩා ඒ තුළ තිබෙන (කැබි හෝල් ) සුළු මුදල් ප්‍රමාණයන් ද සොරකම් කර ඇති බවට පැමැණිලි ලැබුණූ බවයි.

සැකකරුවන්මෙම සොරකමට පැමිණෙන්නේද තවත් ත්‍රීරෝද රථයකින් බවත්  සොරකම් කරන ලද ඉන්ධන අලෙවිකර මත්කුඩු පානයට මුදල් සොයා  ගැනීමේ අරමුණින්  මෙලෙස ඉන්ධන සොරකම් කරන බව ද  පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් බොන්දුපිටිය,  බේරුවල කාලවිල කන්ද . සහ  මාතර ප්‍රදේශවල  පදිංචි   පදිංචිකරුවන් බවත් මාතර ප්‍රදේශයේ සැකකරු  අධිකරණ කිහිපයකින් වරෙන්තු ලැබු අයකු බවපොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

නිවෙස්වල නවතා තිබූ වාහනවල ඉන්ධන සොරාගත් 4 ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site