IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නුවරඑළියේ පාසල් හෙට සහ අනිද්දා වහයි

(ආර්.එෆ්.එම්.සුහෙල් සහ රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කළ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කියයි .

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් අවට හා පාසල්වලට පැමිණෙන මාර්ගවල ඇති ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් මව්පියන් රැසක් නුවරඑළිය දිසාපතිවරයාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇත.

නුවරඑළිය දිසාපති දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා  මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමට පිළිතුරු වශයෙන් හෙට සහ අනිද්දා දිනයන්වල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් සියල්ල වැසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත කටයුතු කළ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අබේරත්න මහතා පවසයි.

වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දෙනු ලබන මෙම නිවාඩු දින දෙක සඳහා ඉදිරියේදී ඉලව් දින දෙකක් සති අන්තයේ පාසල් පවත්වන බවයි .

 



අදහස් (0)

නුවරඑළියේ පාසල් හෙට සහ අනිද්දා වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site