IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ලොරියෙන් ගෑස් මිලට ගනිති

(ආර්.එෆ්.එම්.සුහෙල්)

මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍ර දේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ (23) දින පියවර ගත්හ.

කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සමාගමේ ලොරි රථයෙන් නුවරඑලියට ප්රරවාහනය කල අතර , එම ලොරි රථය නුවරඑලිය නගරයට ආසන්නයේ ගාල් කර තිබියදි ලාෆ් ගැස් පාරිභෝගිකයන් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ සිටි සේවකයන්ට මුදල් ලබා දි ගැස් ලබාගෙන යන අයුරු දක්නට ලැබුණි.

ලාෆ් ගැස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 4278 ටත්,කිලෝ 5 කුඩා ගැස් සිලින්ඩරයක් රු 1720 මිලකටත් අලෙවි කෙරිණ.

ලාෆ් ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන් වෙත තොග නිකුත් කිරිමෙන් පසු ඔහුන් ගැස් වැඩි මිලට අලෙවි කරන නිසා තමන් සමාගමේ ලොරි රථයෙන්ම ගැස් මිල දි ගැනිමට පියවර ගත් බවයි.

ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස ගැස් ලබාදිමට පියවර ගත් නුවරඑළිය පොලිසියේ නිලධාරින්ට සහ සමාගමේ ලොරි රථයේ සේවකයන්ට ගම්වාසිහු කොළ කැද සංග්‍රහයක්ද එම ස්ථානයේදි පැවැත්වූහ.

 



අදහස් (1)

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ලොරියෙන් ගෑස් මිලට ගනිති

Samantha Wednesday, 23 March 2022 04:03 PM

ගෑස් නැතුව මිනිස්සු පිස්සු වැටිලා... පෝලිම්වල රස්තියාදු වෙනවා.. එහෙම තියෙද්දී ගෑස් ගැන ප්‍රචාරක දැන්වීම් මොකටද? මම අද දැක්කා ලිට්‍රෝ ගෑස් ප්‍රචාරක වෙළෙඳ දැන්වීමක් රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වෙනවා... අනේ මෙහෙමත් අපරාධ...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site