
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
මධ්‍යම කදවුර ප්‍රදේශයේ වයස අවුරුදු නවයක බාලවයස්කාර දැරියකට ලිංගික අතවරකර පලාගොස් සැඟව සිටින පෞද්ගලික පන්ති පවත්වන සංගීත ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම කඳවුර පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ.
දැරියට සහ ඇගේ සොහොයුරාට සංගීතය ඉගැන්වීම සදහා නිවසට පැමිණි ගුරුවරයා, මාස තුනකට පමණ පෙර සිට තෙවරක්ම දැරියට ඇයගේ නිවසේදී ලිංගික අතවරකර ඇති බවත්, ඇය මවට සිද්ධිය පැවසීමෙන් පසු මව ගුරුවරයාට අවවාදකර ඇති බවත් පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.
ඉකුත් 20 වන දින මව සමඟ පොලිසියට පැමිණි දැරිය සිදුවීම පිලිබඳව පැමිණිලිකර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සදහා පොලිසිය විසින් වින්දිත දැරිය අම්පාර මහ රෝහලට ඇතුළත්කර ඇත.
ගුරුවරයා අම්පාර නගරයට ආසන්නයේ පදිංචිකරුවකු බවට අනාවරණයවී ඇති අතර, මේ වනවිට ඔහු පලාගොස් ඇතිබව පොලිසියට තොරතුරු ලැබි ඇත.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවයේ දැරිය අපයෝජනය කළ සංගීත ගුරා සොයයි
sam Saturday, 24 August 2024 07:29 AM
මේ වගේ අයගේ පහළ අවයව පණනැති වෙන්න එන්නතක් විද්ද යුතුයි. එතකොට මේ ප්‍රශ්නය විසඳෙනවා... කාලකණ්ණි.