
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම බැල්ලන්තුඩාව ශ්‍රී ඤාණරතන මාවතේ පදිංචිව සිටි මොරටුව කටුබැද්ද ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි චානුක ගිම්හාර පෙරේරා (21) තරුණයායි.
දරුවන් දෙදෙනා සුපුරුදු ලෙස පෙරේදා (24) මවුපිය දෙදෙනා සමග ආහාර ගැනීමෙන් අනතුරුව අතුරුදන්ව සිටින චානුක ඔවුන් දෙදෙනාට වෙන්ව තිබෙන කාමරයේ අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් සිට ඇති අතර අනෙක් සොයුරාවන උපේන්ද්‍ර නින්දට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි
මව ඊයේ (25) අලුයම 4.30 ට පමණ ඔවුන් දෙදෙනාට ආහාර පිසීම සඳහා අවදි වීමේදී සාලයේ ප්‍රධාන දොරටුව අසලින් ආලෝකයක් වැටී තිබෙන අයුරු දැක දොර අසලට පැමිණ පරික්ෂා කිරීමේදී දොර අඩක් විවෘත කර තිබෙන අයුරු දැක එය වසා දමා අනතුරුව පුතුන් දෙදෙනා නිදා සිටින කාමරය ඉදිරිපිටට ගොස් එහි දොර රෙද්ද මෑත් කර කාමරය දෙස බැලීමේදී ලොකු පුතු කාමරයේ ඇඳ මත දක්නට ලැබී නැතැයි මව්පියන් කළ පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්