
(අමදෝරු අමරජීව සහ ගයාන් සූරියආරච්චි )
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
සාම්පූර් නාවික නෞකා විදුර කඳවුරේ සේවයේ නියුතු නාවික ප්‍රවාහන සහායක කේ.කේ.ජෙ. ඉන්දික නමැති අය මෙලෙස මිය ගොස් තිබේ .මෙම නාවික භටයා එගොඩඋයන, හල්ලව, මතුගම පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .
සාම්පූර් සිට පොතුවිල් දක්වා මියගිය නාවික භටයා ධාවනය කළ ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ලංකා පටුන හන්දියේදී මාර්ගය අයිනේ නවතා මහා මාර්ගය පැත්තට වෙන්නට ඇති ඉන්ධන ටැංකිය පරීක්ෂා කිරීමේදී මඩකලපුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් කැබ් රථයක නාවික භටයා ගැටී මෙම අනතුර සිදුවී තිබේ .
අනතුර සිදුකර කැබ් රියැදුරා අත්අඩංගුවට ගෙන ඇතැයි අතර ඊච්චලාම්පත්තුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට