IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


නවක හෙද හෙදියෝ 294 ක් පත් වෙති

(අංජුල මහික වීරරත්න)

නවක හෙද හෙදියන් 294 දෙනකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමට රජය තීරණය කර ඇත.

එම පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ පළමු මහලේ ශ්‍රවණාගාරයේ දී අද(10) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු  සහ ඖෂධවේදීන් 6 දෙනෙකු ද සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ද  මෙහි දී ප්‍රදානය කිරීමට නියමිතය.‍

තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස  පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් වේ.

වාග් චිකිත්සක නිලධාරීන් මෙරට පිළිගත් විශ්ව විද්‍යාලයක කතන හා භාෂා චිකිත්සක විශේෂවේදී  උපාධිය සම්පූර්ණ කර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද විභාගය සමත් වී අවශ්‍යවන සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් වේ.

ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන්  වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍යවන අනෙකුත් සියළු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ය.

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 43500 කට ආසන්න  ප්‍රමාණයක් ද, වාග් චිකිත්සක නිලධාරීන් 100 කට ආසන්න ප්‍රමාණයක් ද, ඖෂධවේදීන් 2000 කට ආසන්න ප්‍රමාණයක්ද මෙරට ජනතාව සුවපත් කිරීමට දායකත්වය සපයනු ලබයි.



අදහස් (0)

නවක හෙද හෙදියෝ 294 ක් පත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site