IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාවික හමුදා මධ්‍ය නිලධාරීන් 36 දෙනකු විසිර යති

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 58 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු සහ 56 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු  අධිකාරියට පත්   කර විසිර යාමේ උත්සවය  පසුගියදා පැවැත්විණි.
 
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී  මෙම උත්සවය පැවති අතර ප්‍රධාන ආරාධිතයා  ලෙස  ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.
 
පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. 
 
ඒ අනුව, 58 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියා සහ සියලුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා මෙන්ම වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු සහ ජල තරණ විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ කුසලාන මධ්‍ය නිලධාරී ඩීඑම්පීබී අබේසේකර මහතා හිමි කරගත්තේය.
 
දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි එච්ඒඑම් සිල්වා හිමි කර ගත් අතර, මධ්‍ය නිලධාරි බී.ඒ විජේවික්‍රම හොඳම ඉලක්කකරුට හිමි සම්මානය හිමි විය.
  
අධිකාරියට පත් නිලධාරීන් 36 දෙනා අතරට විධායක අංශයට නිලධාරින් 20 දෙනෙක්, ඉංජිනේරු අංශයට 03 දෙනෙක්, සැපයුම් අංශයට 06 දෙනෙක්, විදුලි සහ විද්‍යුත් අංශයට 03 දෙනෙක් සහ විනයාරක්‍ෂක අංශයට 04 දෙදෙනෙකු ඇතුළත් විය.
 
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යා‍ලයේ උප කුලපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස යන මහත්වරු ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරුන්, නාවික හමුදා මුලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනියුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර ගිය නිලධාරීන්ගේ මව්පියන්ද මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගීවී සිටියහ.

(36698) 



අදහස් (0)

නාවික හමුදා මධ්‍ය නිලධාරීන් 36 දෙනකු විසිර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site