
(යොහාන් භාසුර)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කළ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් අද (6) පිරිනැමීය.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම යන්ත්‍රය පිරිනැමීය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය සෞඛ්‍ය අමාත්‍යංශය දුන් බවත් මෙම යන්ත්‍රය මඟින් එකවර රෝගීන් 15 ක් සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි අතර එය රෝගින් 25 ක් දක්වා පුළුල් කළ හැකි බවත් නාවික හමුදාව කීය.
මෙම අවස්ථාව සඳහා නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතියේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක කමාණ්ඩර් බුද්ධික රන්දිමාල් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.


2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාවෙන් ළමා රෝහලට ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක්
ravin Friday, 06 October 2023 10:47 PM
නියමයි, අති උත්කෘෂ්ඨයි..! නාවික හමුදාව ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට මූල්‍යමය ආධාර ලබාදෙන පුද්ගලික ආයතනවලට එම ආධාරය සියලු බදුවලින් අඩුකරලීමට කටයුතු කළොත් තවතවත් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට රුකුලක් වනු ඇත. හැබැයි ඉතින් කොමිස් කාක්කෝ නම් අකුල් හෙලයි. ඒ වුණත් රටට විශාල වාසි රැසක් ලැබෙනවා නේද?