(තුසිත කුමාර ද සිල්වා)
නවකයකු ලෙස බහුදින ධීවර යාත්‍රාවක ධීවර කටයුතුවලට මුහුදු ගිය තරුණයකුට මුහුද මැද දී මසක් පුරා නවකවදය දුන් ජ්‍යෙෂ්ඨ ධීවරයන් හත් දෙනකු නැවත බේරුවල ධීවරායෙන් ගොඩ ආ පසුව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
බේරුවල ධීවර වරායෙන් මීට මාසයකට පෙර මුහුදු ගොස් පැමිණි බහුදින යාත්‍රාවක ගමන්ගෙන ඈත.
දියබේ රැකියාවට ගිය අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක නවක ධීවරයා වන තරුණයට මුහුද මැද දී සෙසු ධීවරයන් පහර දී විවිධ තාඩන පීඩනවලට ලක්කර පැය ගණන් මුහුද මැද ගිල්ලවා නැවත ගොඩගෙන නවක වදය මෙන් හිරිහැර කළ බව පවසා බේරුවල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පවත්වා ධීවර යාත්‍රාවේ පැදිකරු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාර තරුණ ධීවරයා රෝහල් ගත වී ඇති අතර මුහුදු ගමනින් පසුව අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නවක ධීවරයාට මසක් නවක වදය දීලා
Ruwan Wednesday, 19 July 2023 04:45 AM
රෝහිත අබේගුණවර්ධනට ඕනෙ නම් කියන්න පුළුවන් ඕක කලෙත් අරගල කරපු ජෙප්පො කියල..
middle man Wednesday, 19 July 2023 08:20 AM
විශ්ව විද්‍යාල නවක වදයට කෑ ගහන සෙට් එක මේකෙදි සද්ද වහල ඉන්නෙ විශ්ව විද්‍යාලෙ යන්න බැරි වුණ ඇරියස් එකට කෑ ගැහුවත් ධීවරයෙක් වෙන්න කැමැත්තක් නැතු වුණ නිසා වෙන්න ඇති නේද?
Bunny Preena Wednesday, 19 July 2023 10:07 AM
මොනම හේතුවක් නිසාවත් තවත් පුද්ගලයෙකුට වැඩ හිංසා පැමිණවීම අනුමැත කල නොහැකිය .නීතියෙන් දඬුවම් ලබා දිය යුතුය
de silva berlin Wednesday, 19 July 2023 12:21 PM
මේ පිස්සුව තියෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ට විතරයි.
මැක්ස් Wednesday, 19 July 2023 12:37 PM
නවක වදය වැනි මනෝ ව්‍යාධීන් ගොස් ඇති දුරක තරම...! ජෙප්පන් විසින් මෙරටට කර ඇති හානියේ තරම පේනවා නේද?