
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වව්නියාව ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණ, නිලාවේලි ගෝපාලපුරම් ප්‍රදේශයෙන් මුහුදට බැස සිටි බාල වයස්කාර දැරියන් තිදෙනකු සහ පිරිමි දරුවකු රළ පහරකට හසු වී, ගසාගෙන යමින් සිටියදී නිරුපද්‍රිතව බේරාගත් බව පොලිස් ජීවිතාරක්ෂක, පොලිස් නාවික සහ සංචාරක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
මුහුදු රළ පහරකට හසු වී, ගසාගෙන යමින් සිටියදී බේරාගත් මෙම දරු සිවු දෙනා අවුරුදු 12, 10, 14, 9 යන වයස්වල පසු වන අතර, වව්නියාව නෙළුම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
වව්නියාව නෙළුම්කුලම ප්‍රදේශයේ සිට ධර්මලිංගම් උදය කුමාර නමැත්තා සමග පැමිණි නඩයක සිටි දරුවන් සිවු දෙනකු මෙසේ මුහුදේ ගසාගෙන යමින් සිටියදී බේරාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
බාල වයස්කාර දරුවන් සිවු දෙනාගේ ජීවිත බේරාගෙන ඇත්තේ, පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රසේන (40042), මිස්කින් (62730) සහ පොලිස් කොස්තාපල් චින්තක (69621) යන මහත්වරුන් විසිනි.
එම පොලිස් නිලධාරීන් තිදෙනා මුහුදු වෙරළේ රාජකාරියේ නිරතව සිටියදී එම දරුවන් සිවු දෙනා රළ පහරකට හසු වී, ගසාගෙන යන අයුරු දැක, වහා ක්‍රියාත්මක වී මුහුදට පැන, ඔවුන්ගේ ජීවිත බේරා ගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලාවේලි මුහුදේ යන්න ගිය හතරක් බේරා ගැනෙති