(අමිල සම්පත් ශ්‍රී)
ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පැවැති නිර්පාක්ෂික විරෝධතා මාලාවට සමගාමීම දෙබරවැව නගරයේ පැවැති විරොධතාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඔවුන්ගේ පක්ෂයට සම්බන්ධ දැන්වීමට ප්‍රදර්ශනය කිරීමත් සමග ඊට එක්වූ පිරිසක් ඊට විරෝධය දැක්වීමත් සමග උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය.
රාජ්‍ය සේවකයන් සහ සමාජ මාධ්‍ය ජාලාකරුවන් මෙන්ම මහනාහිමිවරුන් සම්බන්ධ කරගනිමින් පක්ෂ පාට භේදයකින් තොරව විරෝධතාව පවත්වාගෙන යාමේදී එම අවස්ථාවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ පිරිසක් ඔවුන්ගේ බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළහ.
එම අවස්ථාවේ රාජ්‍ය සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය .පසුව ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨ ලියූ එම බැනර් ඉවත්කර විරෝධතා කරුවන් තම විරෝධය ආරම්භ කළේය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිර්පාක්ෂිකයන් අස්සේ පාක්ෂිකයන්:විරෝධය උණුසුම්
සෙනෙවිරත්න Thursday, 28 April 2022 07:02 PM
මේක ආණ්ඩුවේ පිල්ලියක්...!
mahee Thursday, 28 April 2022 07:10 PM
මේ ගොල්ලෝ නම් කොහේ ගියත් අනුන්ගේ පානෙන් එළිය බලන්න එනසෙට් එකක්. පට්ට චාටර් ඈ..
chandima Thursday, 28 April 2022 08:14 PM
මේ කියන්නේ ගෝල් ෆේස් එකේ බත් පාර්සල් බෙදන නිර්පාක්ෂිකයන්ගේ කට්ටියමද?
Nalin Thursday, 28 April 2022 08:51 PM
ගොඩක් අය එජාපයයි, ජවිපෙයයි... අපි ඔක්කොම ඒ ගැන දන්නවා.
Athula Friday, 29 April 2022 01:30 AM
කොහේද නිර්පාක්ෂිකයෝ ඉන්නේ? නිකම් උගුරට හොරා බෙහෙත් ගිලින්න හදන්න එපා.. දැන් ඔලුව කෙලින් තියන් කියන්න බැහැ මොන පක්ෂයේද කියලා... ඔය කරලා තියෙන්නේ දෙගොල්ලොම. තවත් ලැජ්ජා නැහැ. තව රිදුණා මදිද? එහෙනම් ඔහොම යමල්ලා තව ටිකක්..!
සෙනෙවිරත්න Friday, 29 April 2022 06:39 AM
මේක ආණ්ඩුවේ පිල්ලියක්...
ලොක්කා Friday, 29 April 2022 08:02 AM
ජෙප්පන් හිතාගෙන ඉන්නේ, 225 ට අනුර අයිති නෑ කියලා.. කවුරුවත් එපා කිව්වාම, අනුරවත් ඒකට අයිතියි..
sharm warn Friday, 29 April 2022 03:41 PM
මෙතන අදහස් දක්වලා තියෙන අයට රටේ තියෙන ප්‍රශ්න එකක් වත් බලපා නැති බවයි පෙනී යන්නේ. එයාලට තියෙන එකම ප්‍රශ්නේ ජවිපයේ මන්ත්‍රීලා 03 දෙනා... රටට මෙහෙම වෙන එක අරුමයක් නෙවෙයි.