IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


නොරොච්චෝලේ බලාගාරයක් දින 70කට වහයි

(යොහාන් භාසුර)

නොරච්චෝලේ විදුලිබලාගාරයක අලුත්වැඩියාවක් සඳහා මේ මස 18 වැනිදා සිට දින 70 ක කාලයක් සඳහා වසා තබන බවත් එම විදුලිබලාගාරය නතර කිරීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමිවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ පැවසීය.

එම බලාගාරය වැසීමෙන් විදුලි කප්පාදුව වැඩි නොවන බවට විශ්වාස කරන බව කී අමාත්‍යවරයා පැවසුවේ එම විදුලිබලාගාරයේ අලුත්වැඩියාව අවසන් වූ පසු තවත් විදුලිබලාගාරයක් වසා අලුත්වැඩියාව ආරම්භ කරන බවත්ය.

ජාතික විදුලිබල පද්ධතියට මේ වන විට ගල්අගුරු සහ ජලවිදුලියෙන් වැඩි ධාරිතාවක් ලබාදීම නිසා බලාගාරය වැසීමෙන් අඩුවන මෙගාවොට් 300  ක ප්‍රමාණය ආවරණය කරගැනීමට හැකිවනු ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.  

 



අදහස් (4)

නොරොච්චෝලේ බලාගාරයක් දින 70කට වහයි

කිරි පුතා Thursday, 16 June 2022 05:32 PM

මේක නම් අවුරුද්දේ වැඩි දවසක් වහලානේ.

:       0       9

Eng S.H.LIYANAGE Friday, 17 June 2022 10:05 AM

දින 70 වක් නඩ්ඩතු වලට වාසා තැබිම පිලිගත නොහැක. මෙයා වහාම පලපුරුදු විදුලි සහ ාන්ත්‍රික ඉංජිනේවන් ලවා පරික්ශා කර කඩිනම් කල යුතුයි . ණැතිනම් අගනා ජලය අප් ගොස් විශාල ප්‍රශ්ණයක් වේ.

:       0       0

Gagana Friday, 17 June 2022 10:19 AM

අප හරි මෝඩ ජාතියක්. කිසිවකුට මෙය නොතේරෙන්නේද? ඇයි සැම නිහඬ? මේ ව්‍යාපෘතිය 250 මිලියන් ඩොලර් වෙනුවට 500 මිලියනයක් වෙනකන් වියදමට එක්කරන්න කිවූ හිටපු මයිනෙක් පිළිබඳව වාර්තාවක් අප දුටෙමු. එසේ නොකලොත් වෙන කොන්තරත්තුවෙකුට මේ ව්‍යාපෘතිය දෙනවා යයි කියා, කොමිස් මුදල පදනම් කරගෙන බාල ලෙස ගොඩ නැගුනු මෙම බලාගාරය මෙලෙස මුළු ජාතියක් ණයකරුවන් සහ හිගන්නන් බවට පත්කරපු තවත් කූට, හොර කණ්ඩායම විසින් මුදල් බෙදාගත් තවත් ව්‍යාපෘතියකි. මුන් මියැදෙන්නට කලියෙන් පනුවෝ ගසා දුක්විඳ පරලෝ අපාගත වේවා යන්න මාගේ පැතුමයි. මොකද අප නීති පොතේ මහා පරිමාණ ජාතියක් වනසපු හොරුන්ට දඬුවම් කරණ ක්‍රමවේදයක් ලියා නොමැතිවීම හේතුවෙනි. නුඹලා හොරකම් කල මුදල් මැරුණු පසු නුඹලාගේ පෙට්ටියේ පුරවාගන්නවත් ඉඩක් නොමැත.

:       1       2

Gagana Friday, 17 June 2022 11:32 AM

ස්තූතියි ලංකාදීප මාගේ අදහස පල කලාට. සත්‍ය කතාකරපුවහම ඩිස් ලයික් දාන උන් ඉන්නව. අප සමාජයේ ගරා වැටීමේ ප්‍රධාන සාධකයන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 244 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site