IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘නාමල් දැක්ම’ එළිදකියි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (2) පෙරවරුවේ ජනගත කළේය.

කොළඹ අයි.ටී.සී. රත්නදීප පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදී ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.

එහිදී ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා එම පක්ෂයේ වැඩපිළිවෙල ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ යන තේමාව යටතේ ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම උත්සවයට සහභාගි වූහ.



අදහස් (9)

‘නාමල් දැක්ම’ එළිදකියි

Nandalal de Silva - France Monday, 02 September 2024 02:31 PM

බම්බුව තමයි !! තටමලා තටමලා එළිබස්සපු නාමල් බේබිගේ පච රෝලට ගෙන්න ගෙන තියෙන්නේත් මැදමුලන චෞර පැලැන්තියේ සොහොයුරු රංචුවම තමයි..! තියපු ඇපෙත් රාජසන්තක වුනොත් එහෙම?

:       38       41

Perera Monday, 02 September 2024 02:41 PM

ඕකෙ තියෙනවද මෙයා හොරාට නීති විභාගය ලියපු දැක්ම...

:       29       31

ගමේ එකාලා Monday, 02 September 2024 03:06 PM

දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට මොන දැක්මක්ද.? ඔය බලලෝබී, බඩගෝස්තරවාදී කාලකන්නි දේශපාලුවෝ රටට කරපු විනාසේ හොඳටම ඇති. ආර්ථික ඝාතකයෝ කිසිම ලැජ්ජාවක් නැතිව ඡන්දේ ඉල්ලනවා... !

:       17       25

එඩී Monday, 02 September 2024 03:22 PM

සැබවින්ම වර්තමාන දේශපාලන පොර පිටියේ තේරුමක් ඇති කතාවක් කරන්නේ නාමල් මහතා සහ දිලිත් මහතා පමණි. අනෙකුන් කරන්නේ කළ නොහැකි පොරොන්දු දීම සහ එකිනෙකාට මඩගැසීම් සහ බැණ අඬා ගැසීමයි. අවලාද චෝදනා නැගීම්ය. පඩි වැඩි කිරීම්, බදු අඩු කිරීම් වැනි කීයටවත් කළ නොහැකි කතා කියමින් ඡන්ද දායකයින් සුරංගනා ලෝකවලට ගෙනයාමකි. 13 දෙනවා, පොලිස් ඉඩම් බලතල දෙනවා... වැනි කප්පම් කතා පමණි. නමුත් රැල්ලේ ගසාගෙන යන අන්ධ භක්තිකයින්ට මේවා නොපෙනේ....!

:       27       50

SanjeewaniMonday, 02 September 2024 04:41 PM

මං නම් නාමල් බේබිටවත්, දිලිත්වත් බනින්නේ නෑ. මට නම් හිතෙන්නේ අපේ බහුතරයක් ඔය අයගෙන් යැපෙන නිසා ඒ ගොල්ලන්ට හරි තීරණයක් ගන්න තරම් ශක්තියක් නැහැ. ඉතින් මේ වගේ අය නිසා අය දුක් විඳින්න ලෑස්තිවෙලා ඉමු....!

:       24       9

පොඩිඑකාMonday, 02 September 2024 04:42 PM

අප්පොච්චාගෙයි බාප්පොච්චලා දෙන්නගෙයි කතාත් අපි හොඳට ඇහුවා මහත්තයෝ..!

:       0       0

බද්රානි Monday, 02 September 2024 07:09 PM

ජනතාවගේ සල්ලි වලින් බාල මල්ලියාට සෙල්ලමට රොකට් අරින්න සැලසුම් එහෙම නැද්ද ඕකේ..? රටේ ජනතාව හිඟමනට පත්කරලා මේ රට බංකොලොත් කරලා අපිට මේ රට අහිමි කල රාජපක්ෂ පවුලට හොඳක් නම් වෙන්න එපා!!! ඔය බේබිගේ නැන්දා පැනමාවේ තැන්පත් කල ඩොලර් මිලියන ගණන් මේ රටේ ජනතාවගේ මුදල් කියලා ඔහේ දන්නවද..? තාත්තා කොටි සංවිධානයේ මුදලුත් කොල්ල කෑවා ...එක අතකට සුනාමි ආධාර මුදලුත් කොල්ල කාපු හොරාට ඕකත් කජ්ජක්ද නේද..?

:       0       0

Dharmatileke Monday, 02 September 2024 10:51 PM

හොරු පිටිපස්සේ ඉඳගෙන නාමල් බේබි ප්‍රතිපත්ති කියනවා.., හිනා හිනා හතර හිනා...

:       0       0

fairoos Tuesday, 03 September 2024 11:09 AM

ජනතාව මේ සැරේ රැවටෙයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site