IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නාඳුනන අයෙක් නීතිඥයාට තර්ජනය කරලා

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයකු වන ප්‍රියලාල් සිරිසේන මහතාට නාඳුනන පුද්ගලයකු දුරකතන ඇමතුමකින් තර්ජනය කළ බවට කුරුණෑගල පොලිසිය පැමිිනිකර තිබේ.

සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු, ලේඛකයෙකු සහ නීතීඥවරයකු වන ප්‍රියලාල් සිරිසේන මහතාට එම නාඳුනන පුද්ගලයකු දුරකතන ඇමතුමක් දී අමාත්‍යවරයාගේ වැඩ කටයුතුවලට බාධා නොකරන ලෙස තර්ජනය කර ඇත.

සිරිසේන මහතා එම පුද්ගලයාගේ සහ අමාත්‍යවරයාගේ නම වරින් වර විමසා ඇතත් එයට කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බවද පැවැසෙයි. “00971566018309” යන විදේශීය අංකයෙන් මෙම ඇමතුම ලැබී ඇති අතර සිරිසේන මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. 

ඕනෑවට වඩා නටන්න උත්සාහ නොකරන ලෙසත් ඇමතිතුමාට විරුද්ධව කරපු දේ ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නොකොළහොත් විශාල කරදරයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පවසමින් දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා සිරිසේන මහතාට අනතුරු අඟවා තිබේ.

නැවත නැවත අනතුරු ඇඟවීමට ඉඩ නොතබන ලෙසත් ඕනෑවට වඩා පණ්ඩිත නොවී තමන්ට අදාල රාජකාරිය පමණක් සිදු කරන ලෙසත් එසේ නොකළහොත් තමන්ද ගමන් කරන්නේ මහ පාරේ බව මතක තබාගන්නා ලෙස දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා සිරිසේන මහතාට තර්ජනය කර ඇත.

(ඩේලිමිරර් ඇසුරෙනි) 034

 



අදහස් (0)

නාඳුනන අයෙක් නීතිඥයාට තර්ජනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site