(නවරත්න සමරතුංග)
අම්පාර - දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි..
දීඝවාපිය සිට එරගම දෙසට ධාවනය වූ යතුරු පැදිකරුට නවතින ලෙස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් මානික්කම්මඩුව පාලම අසලදී අණ කර ඇති නමුත් ඔවුන් නොනවත්වා පළා ගොස් ඇත.
එවිට යතුරු පැදිය ලුහුබැඳ ගිය පොලීසිය අවස්ථා දෙකකදි ඔවුන්ට තවතින අණ කළත් තවදුරටත් පලායාමට උත්සාහ කළ විට තබන ලද වෙඩි පහරින් මෙසේ පසු අසුනේ ගමන් කල අයගේ දකුණු පාදයකට වෙඩි වැදී ඔහු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත. යතුරු පැදිකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අම්පාර අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නොනවත්වා ගිය යතුරු පැදියට පොලිසියෙන් වෙඩි තබයි
Bunny Preena Tuesday, 25 July 2023 09:41 AM
මොකුත් හොරබඩු එහෙම තිබිලා අහුවුණාද? පොලිසියෙන් කකුල කියලා ඔලුවට වෙඩිතියලා නැති එක සතුටට කරුණක්...