(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය තුන්වන දිනටත් අද(11) ක්‍රියාත්මකයි.
මේ වෙනවිට විරෝධතාකරුවන් එහි තාවකාලික කූඩාරම් ඉදි කරගෙන සිටින අතර විරෝධතා ක්‍රියාත්මක භූමියට විරෝධතාකරුවන් විසින් "ගෝඨාගෝගම"ලෙස නම් කර තිබීම විශේෂත්වයකි.
විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ කූඩාරම් රැසක් ඉදිකර ඇති අතර වෛද්‍ය පහසුකම් සහිත කූඩාරම්, ආහාර බෙදාදීමේ කූඩාරම්ද එහි වෙති.
මෙයට අමතරව විරෝධතා කරුවන් සඳහා තාවකාලික වැසිකිලි පද්ධතියක්ද පද්ධතියක් ද එහි ස්ථාපිත කර ඇත.
විරෝධතාවය ඉදිරිපිටින් ගමන් කරන රථවාහන නලා නාද කරමින් විරෝධතාවයට සහයෝගය පළකරමින් ගමන් කිරීම විශේෂත්වයකි.
පෙරේදා (9) පෙරවරු නමයට පමණ ගාලුමෝදර පිටිය ට රැස්වූ ජනතාව සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක නිරත වූහ.
පිරිස දින දෙකක් තිස්සේ රාත්‍රිය පහන් කරනු ලැබුවේද ගාලු මුවදොර පිටිය වීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා ඉල්ලා අස් වන තෙක් විරෝධතාවක් අඛණ්ඩව මෙහෙයවන බව විරෝධතා කරුවෝ පවසති.
ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවුණහොත් ගාලු මෝදර පිටිය සිටම අලුත් අවුරුදු සමරන බවත් විරෝධතාකරුවෝ පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නොනවතින රැල්ල තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි
ඇත්ත Monday, 11 April 2022 11:26 AM
කඩ කාමර කුලී ගෙවා ගන්න බැහැ. විදුලිය නැතුව එක දිගට වැඩ කළ නොහැකි ව්‍යාපාර බොහෝයි. වාහන ෆිනෑන්ස් ගෙවා ගන්න බැහැ. ඉන්ධන නැතිකමින් හයර් දුවන්න බැහැ. බොට්ටුවෙන් මුහුදට ගිහින් මාළු අල්ලන එක ලේසි නෑ. ඉන්ධන නැති කමින්, කුඹුරේ වැඩ කරවන යන්ත්‍රවලට ඉන්ධන ගන්න පැල් රැකලා ඇවිත් පෝලිමට යන්නත් ඕනේ. මේ වගේ නින්දක් නැතිව වැඩ කරන්න ගිහින් ලොරිබස් රියදුරන්ට පාරෙ නින්ද ගිහින් අන් අයව සහ ඔවුනුත් සදහට නිදාගන්න එක පුදුමයක්ද? ඒ වගේම පෝලිම්වල මැරීවැටෙන එකත් පුදුමයක් නොවේ. ඒ විතරද පාසල් ළමයින්ට විභාග නැතිව ගෙදරට වෙලා ආතතිය, පාඩම් කරන්න ආලෝකය නැහැ. බෙහෙත් නැතිව තම ආදරණීයන් මැරෙන සංඛ්‍යාව කෝවිඩ්වලින් මැරෙන සංඛ්‍යාවට වැඩිවෙන දිනය අත ළඟයි. තට්ටු නිවාසවල මිනිසුන්ට ගෑස් ලිප හැරෙන්න විකල්පයක් නැහැ. රජයේ රැකියා නැති මිනිස්සුන්ට වැඩ කෙරුවොත් තමා මුදල් එන්නේ. ඇඟලුම් ෆැක්ටරි සහ කර්මාන්ත ශාලා වෑහෙන දා ළඟළඟම එනවා. මේ කට්ටියත් පාරේ ඉන්නේ ජීවිකාව අහිමි වෙලා වෙන්නැති. ඉස්සරහට මෙතනට ජනගඟක් එනවා. මොකද කිව්වොත් වෙන විකල්පයක් නැති තැනට පාලකයින් ජනතාවව පත්කරලා...!!
sathyapala Monday, 11 April 2022 03:39 PM
ගෝඨා ගෝ හෝම්... - එච්චරයි කියන්න තියෙන්නේ...!
NuwanMonday, 11 April 2022 04:35 PM
ගෝඨා ගෝ ටු ජේල්...!
BamunuarachchiTuesday, 12 April 2022 10:12 AM
ඝෝටගෙදර යවලා කවුද රටේ නායකයා කරන්නේ? එකටත් මේ ගොන් මොළ වලින් උත්තර දෙන්න?
දර්ශන පෙරේරා Monday, 11 April 2022 05:48 PM
තරුණ තරුණියන්ගේ අරගලය සමච්චලයට ලක්කරලා පවතින රැල්ල මැඩපවත්වන්න පිරිසක් උත්සාහ කරමින් ඉන්නේ... සියලු දෙනා පරිස්සමින්, මොලෙන් වැඩකරන්න. අපි සැම වෙනුවෙන් හඬ නගන ඔබට ස්තුතියි. අරගලයට ජය...!!!
BamunuarachchiWednesday, 13 April 2022 06:04 AM
තරුණ තරුණියන්ගේ අරගලය කුමක් සඳහාද? ඉන්න පාලකයෝ එලවා දැමීමට. මොලෙන් වැඩකරන ඔබ ඉන්න පාලකයින් එලවා දැමීමෙන් පසුද ඊලනගට පත් කර ගන්නා නායකයා කවුද කියා හිතන්නේ? එක හිතන්නේ නැති නිසයි මම මොවුගේ අරගලයට සමච්චල් කරන්නේ. ඉන්න පාලකයෝ පන්න දමන්න එකකතුවෙන ජනතාව් ඊලනග නායකයා පත්කර ගැනීමෙදී බෙදී යන්නේ නැද්ද? එවිට එහි වාසිය සුලුජාතිකයින් ගන්නේ නැද්ද? එහි පතිපලයක් හැටියට සුලුජාතින් මෙරට දෙකඩ තුනකඩ කරන්නේ නැද්ද? දෙමළා උතුර ඉල්ලනවිට හැමබයා නැගෙනහිර ඉල්ලන්නේ නැද්ද? ගම්මිරිස් හොයාගෙන හිස් අතින් මෙරටට පැමිණි සුලුජාතිකයා දැනටමත් සිංහලයාගේ ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත් කරගෙන සිංහලයා අනාත්කර නැද්ද? ඒ පරශ්නයේ එක පැත්තක් පමණයි.
සරණපාල Tuesday, 12 April 2022 07:08 AM
අපගේ ලක් මාතාව බේරාගනිමු. තව දුරටත් ඇය ව දුෂණය කිරීමට ඉඩ නොතබමු. වීර දූ දරුවන්ට ජයවේවා