IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’නන්දලාල් වෙනුවෙන් මම ගෙදර යන්නම්’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නම්  ඔහු  වෙනුවෙන් තමා ඉවත්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී  අද (2)  පැවසීය.

ඔහු ඉවත් නොකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අලි සබ්‍රි  මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

මහ බැංකු අධිපතිවරයා පස්සේ පැන්නීමෙන් වළකින්නැයි  තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා ඔහු කියූ දේ ඉටු කළ පුද්ගලයකු බවද ප්‍රකාශ කළේය.

මෙය හොඳ අය වැයක් බවත් රට  ගොඩනැගීමේ පළමු පියවර මින් තැබූ බවත්  හෙතෙම  සඳහන් කළේය.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය දෙන ලෙස සියලූ පාර්ශවවලින්  ඉල්ලීමක්  කරන බවද අලි සබ්‍රි මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ණය නොගෙවීම පිළිබඳ  අසාදු ලේඛනයට ගොස් ඇති හෙයින්  රටට අද  කිසිවකුත් ණය ලබා නොදෙන බව පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා  රටේ ආර්ථික අර්බුදය අද ඊයේ සිදුවූ දේ වල ප්‍රතිඵලයක් නොවේ යැයිද  ප්‍රකාශ කළේය.



අදහස් (8)

’’නන්දලාල් වෙනුවෙන් මම ගෙදර යන්නම්’’

Nihal Dharmatileke Friday, 02 September 2022 12:42 PM

ණන්දලාල් මහතාට මේ රටේ ඉන්නෙ කිසිම උවමනවක් නැත. ඔහුගෙ සුබ සාදනය වෙනුවෙන් නොවෙයි. ඔහු මෙහෙ අවෙ රට වෙනුවෙන්. දක්ෂ නිලදාරියෙක් එමනිසා ඔහු මෙම තනතුරේ සිටිය යුතුමයි.

:       3       38

Senarath Friday, 02 September 2022 01:37 PM

අලි සබ්‍රි කියන්නෙ අපේ රටෙ සම්පතක්. ඔහු හොද අවන්ක නායකයෙක් කියලයි මටනම් හිතෙන්නෙ. එ වගෙම නන්දලාල් මහත්තයත් තවදුරටත් මහබැංකුවෙ අදිපති ලෙස සිටිය යුතුයි. කලින් හිටපු කෙනා වගෙ ඇමතිලට ඔනෙ විදියට බොරු කියල රටෙ ජනතව රවටන්නෙ නැහැ.

:       6       29

NihalFriday, 02 September 2022 04:49 PM

අලි සබ්‍රි මහතා ලක්ෂ්මන් කදිරගාමර් වගේම රටේ නායකත්වයට සුදුසු කෙනෙක් වගේ කියලා රටේ බහුතර අදහසයි.

:       1       0

Hafeel Friday, 02 September 2022 05:03 PM

අපරාධ නඩු ගණනාවක් තිබු ගොඨාභය ජනාධිපති කරන්න දායකය වූ සහ රටට හෝ ජනතාවට හෝ කිසිම ප්‍රයෝජනයක් නැති, ජානාධිපතිට අසීමිත බලය දුන් විසි වැනි සංශෝධනය ගේන්න පුරෝගාමියෙක් වූ මෙම අලි සබ්‍රි රටේ සම්පතක්ලු. අවසානයේ ගොඨාභයත් අසාර්ථක ජනාධිපති බවට පත් වෙලා සහ රටත් බංකලොත් කළා. ඔන්න රටේ සම්පතාගේ හපන්කම.

:       0       1

Bakura Friday, 02 September 2022 01:38 PM

වැඩක් කරන මිනිහෙකුට ඉන්න දෙන්නේ නෑ.

:       2       37

de silva Friday, 02 September 2022 04:26 PM

හොර දේශපාලකයෝ කැමති පි. බී., අජිත් නිවාඩ්, අර්ජුන් මහෙන්ද්‍රන් වැනි හොරෙක් මහ බැංකු අධිපති කමට ගන්න. නන්දලාල් මහත්මයා මේ අවස්ථාවේ ඉන්න එක ලොකු හයියක්.

:       0       0

පුරවැසියෙක්.....ගම්පහ. Friday, 02 September 2022 05:16 PM

හොරා කන්නම සූදානමින් සිටින නඩයට, රටට යහපතක් සිදු කිරීමට අවංකවම ඉදිරිපත්ව සිටින අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වැනි අය ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් තිබේද? කිසිසේත්ම මෙය සිදු නොවීම විය යුතුයි. නන්දලාල් මහත්මා රට ගැන සිතා පැමිණ ඇති බැවින් ඔහුගේ සේවය අවතක්සේරු නොකළ යුතුයි. එසේ වුවහොත් මෙම තනතුර අතහැර එතුමන් ආපසු යාම සිදුකරාවි...

:       0       0

Santhu Saturday, 03 September 2022 05:11 AM

නන්දලාල් මැතිතමාගෙ අදහස් නිවැරිදි බව තේරුම් ගිය නිසා,දැන් පාර්ලිමේන්තුවේ වයසක කොල්ලො ටික බයෙන්., හිතූමතේට ලබන සම්පත් කප්පාදු කරල අසරනයින්ට දෙයි කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site