IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිධන් සෙවූ හමුදා කණ්ඩායමක් මාට්ටු

(නිමල් ජයරත්න සහ ඉන්දිකා රාමනායක)

මඩකලපුව තොප්පිගල මාවඩිඕඩේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍රයක් යොදා නිදන් වස්තු කැණීම් කරමින් සිටී පොලොන්නරුව වැලිකන්ද රුවන්පිටිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු හමුදා සෙබළුන් තුනක් සහ චීවරධාරියකු, යුද හමුදාවට අයත් ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව කරදියනාරු පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් යුද හමුදා අණදෙන නිලධාරිවරයා වැලිකන්ද රුවන්පිටිය තුන්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන අතර අනිත් හමුදා නිලධාරීන් දෙදෙනා එම කඳවුරට අනුයුක්තව සේවය කරන අය බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන සිටින අනණදෙන නිලධාරිවරයා සහ හමුදා නිලධාරීන් දෙදෙනා සමඟ චීවරධාරියා සහ යුද හමුදා ජීප් රථය පළවෙනිදා එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය කියයි.

සැකකරුවන් ස්කෑන් යන්ත්‍රය යොදා නිදන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්, පුරාවිද්‍යා ස්ථානයක් බවට සලකුණු කරන ලද ස්ථානයක් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශ්යේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බවද පොලිසිය කියයි.

වව්නතිව් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ෂන කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුද හමුදා ජීප් රථය කරදියනාරු පොලිසිය වෙත භාරදී තිබේ,

 



අදහස් (1)

නිධන් සෙවූ හමුදා කණ්ඩායමක් මාට්ටු

Samitha S. Aluthgamage Saturday, 01 April 2023 09:22 AM

රටේ මේ තරම් දේවල් සිදුවෙනවා.ඒත් ඒවා නිවැරදි කිරීමට හා නැවත නොවීමට වැඩ පිළිවෙලක් වර්තමාන ආරක්ෂක ඇමති වරයා හා වගකිවයුතු ඉහළ ආරක්ෂක ප්‍රධානීන් ගෙන නොමැති බව පෙනේ.තත්ත්වය මෙලෙසම දිගටම මෙසේ පැවතුන හොත්,මේ රටට ජනතාවට දෙවියන්ගේම පිහිටයි ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 451 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site