
(සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ පොලිස් කොස්තාපල්වරයකු අැතුළු සැකකරුවන් පස්දෙනකු ඊයේ(21) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
අරවියනගර් පොලිස් විශෙෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බව පැවසීය.
සැකකරුවන් සතුව තිබී භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් නිධන් හැරීමට යොදාගන්නා උපකරණ ද අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට අනුයුක්ත රාජකාරීකරන අයකු වන අතර ඔහු විසින් මෙම නිධන් හැරීමේ කටයුතු මෙහෙයවා අැති බවට අනාවරණයවූ බවත් කීය.
පසුගිය යුද සමයෙ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් අදාල ස්ථානය බුද්ධි අංශ කඳවුරක් ලෙස භාවිතා කොට අැති අතර එහි පුරාණ වටිනාකම් සහිත ගල්කණු කිහිපයක්ද දක්නට අැති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් සෙව් කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු
Himali Sunday, 22 December 2024 04:39 PM
රාජා භවතු ධම්මිකෝ... ජෙබයියන්ගෙන් උපුටාගත්තකි.