IMG-LOGO

නිධන් ගන්න ගිය 6ක් පොලිස් දැලේ

(කාංචන කුමාර ආරියදාස)

මැණික් එබ්බවූ  වලළගම්බා රජුගේ රන්   ඔටුන්නක් සහ මැණික් කුල්ලක්   ඇති බව පවසමින් එය ලබා ගැනීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු   දඹුල්ල කපුවත්ත  මොරගොල්ලවත්තෙ ඉඩමකදී  සැක පිට  අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මහනුවර  පුජාපිටිජාපිටිය ප්‍රෙද්ශයෙ සහ මහියංගණය ප්‍රෙද්ශයෙ  පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

 පූජාපිටිය ප්‍රදේශයේ  ව්‍යාපාරිකයකුට අයත් මෙම ඉඩම දඹුලු රජමහා විහාරස්ථානයට කිලෝමීටර් කීපයක්  දුරකින්  පිහිටා තිබෙන අතර එම ස්ථානයේ ඉතා   සූක්ෂම ලෙස   වසර ගණනාවක සිට මෙම නිධන් ලබාගැනීම සඳහා සැලසුම් කොට ඇති බව පොලීසිය කියයි.

 කෙසේවෙතත් ස්ථානයේ වලක්  හාරා එහි ගල් පතුරු ඉවත් කොට නිධානය ලබා ගැනීම් සඳහා සියලු කටයුතු සූදානම් ව තිබියදී බහිරව පූජාව ලබාදී දුර්ලබ කළු කුකුලා බිලි දී  ගල් පියන ඉවත් කිරීමට  සිටියදී පොලිසියට ලද තොරතුරක් මත පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 පොලිස්  නිළධාරීන් කණ්ඩායම එම ස්ථානයට රාත්‍රියේ යන විට මල් පහන් සුවඳ දුම් මෙන්ම බහිරව පූජා ගොටු තබා තනිකර  කරමල පවා කළු පැහැති කුකුළෙක් බිල්ලට සූදානම් කොට පූජාව පවත්වමින් සිටි බව පොලිසිය කියයි.

 මෙම ඉඩමේ ඇති නිවසෙන්වි දුලිය ලබාගෙන වතුර යට තබා ශබ්දය පිටට  නෑසෙන අධි මිලදී වතුර මෝටර් යොදා ගෙන එහි වතුර ඉවත් කොට ඇතැයි පොලිසිය කියයි.

 මෙම නිධන්   ලබා ගැනීමගැනීම සඳහා මහ පොළොව කැණීම ට යොදා ගත් ආයුධ රැසක් මෙන්ම පුද පූජා භාණ්ඩ රැසක් ද පොලිීසිය සොයාගෙන තිබේ.

 

 



අදහස් (0)

නිධන් ගන්න ගිය 6ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site