IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිධන් ගන්න ගිය තුනක් පොලිස් අත්අඩංගුවට

 ( පැතුම් දර්ශණ)

හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ ගෙවත්තක   නිධානයක්  හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගනු ලැබූවන් අතර නිධානය හෑරූ බව කියන ගෙවත්තේ හිමිකරු සහ ඔහුගේ පුතා සිටින බවත් අනෙක් සැකකරු ඔවුන්ගේ අසල්වැසියෙකු බවත් පවසන පොලිසිය සැකකරුවන් මොරවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද වැඩිදුරටත් කියයි.

ඊයේ (26) සවස පොලිසිය මෙම වැටලීම සිදුකොට තිබේ.

ප්‍රධාන සැකකරුගේ නිවසේ සිට මීටර් පණහක්  පමණ පිටුපසට වන්නට පිහිටි උස්බිමක මෙම නිධානය හාරා ඇති බව පවසන පොලිසිය තමන්  එම ස්ථානයට යන විටත් සැකකරුවන් පොළොව කැණීම් කරමින් සිටි බවද කියයි.

කිසිවෙකුට සැක නොසිතන පරිදි ඊට පෙර දින සැකකරුවන් විසින් කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් ගෙන්වා නිවස පිටුපස පොල් වළවල් කිහිපයක් කපා එම බැකෝ යන්ත්‍රයෙන්ම නිධානය හෑරූ බව කියන ස්ථානයේ ගල් කිහිපයක් පෙරළා ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරීන් පැවසූහ.

සැකකරුවන් අඩි නවයක් පමණ යටට පොළොව හාරා තිබු බව වැටලීමට එක්වූ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.



අදහස් (0)

නිධන් ගන්න ගිය තුනක් පොලිස් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site