(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තෙවන මහළෙන් වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු එහි ජනේලයෙන් ඉවතට විසිකිරිමෙන් බිමට වැටී මියගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මවගේ වැඩිමහල් සොහොයුරා අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් යූසුෆ් නමැති පිරිමි දරුවකු බව පොලිසිය කියයි.
දරුවා නිදා සිටියදී සිටියදී පැමිණ ඇති මෙම සැකකරු එකවරම නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බව ද බවද පොලිසිය සඳහන්.
බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ළමා රෝහල වෙත රැගෙන විත් ඇති අතර එහිදී දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් ඔය ඔහු මියගොස් ඇති බවට දැනුම් දී ඇත.
සැකකරු (35) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු මානසික රෝගයකින් පෙළෙන ඒ සදහා ප්‍රතිකාර ගනිමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරු බිරිඳගෙන් වෙන්වී ඔහු මෙම නිවසේ නිවසේම පදිංචිව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.
2022 නොවැ 25 වන සිකු, ප.ව. 02:24
(යොහාන් භාසුර)
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලයකින් වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු බිමට දමා ඝාතනය කර ඇතැයි යැයි පොලිසිය කියයි
ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය දරුවාගේ බාප්පා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් අද (25) පස්වරුවේ පැවසීය.
අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයා ඝාතනයට ලක්වූ දරුවාගේ ඥාතියෙකු බව ද පොසිය සඳහන් කරයි.
(ඡායාරූප සැපයුම: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිදා සිටි බිළිඳා උඩු මහලෙන් බිමට දමලා
කමල් Friday, 25 November 2022 05:11 PM
රත්තරන් දුවට නිවන් සුව...!
සොනාල Saturday, 26 November 2022 07:34 AM
දුවක් නෙමෙයි පුතෙක්. පුතාට නිවන්සුව පතමු.....වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු....
ලුම්බිණි Saturday, 26 November 2022 06:55 AM
හරිම දුකයි. මානසික රෝගියෙක් ගෙදර ඉන්න කොට මීට වඩා ප්‍රවේශම් වෙන්න තිබුන..
oshara Saturday, 26 November 2022 11:12 AM
කරපු කෙනා මානසික රෝගියෙක් නෙවෙයි, කුඩ්ඩෙක්....!
බැබිලෝනියා Sunday, 27 November 2022 07:46 AM
කරපුකෙනා- මානසික රෝගීයෙක් දරුවාට නිවන්සුව පතමු.