(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇතුළු ලෝක නායකයන් සුබ පැතුම් එක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, චීන ජනාධිපති ෂී ජිංපින්, දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල්, ඉන්දීය ජනාධිපති ද්‍රෟපදි මුර්මු, ලිබියානු ජනාධිපති ආචාර්ය මොහොමඩ් වයි. අල්-මෙන්ෆි, සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම්, ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි යන මහත්වරු මෙන්ම පාකිස්ථාන ජනාධිපති, බංග්ලාදේශ ජනාධිපති සහ කුවේට් රාජ්‍යයේ එමීර්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත සිය සුබපැතුම් පළ කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් සැමරුමට ලෝක නායකයෝ සුබ පතති
විදුර Sunday, 04 February 2024 02:57 PM
අපටත් එවන් නායකයෝ පහළ වේවා...!
Prageeth prasanna lakmal Sunday, 04 February 2024 03:30 PM
කොහෙද තියෙන්නේ අභිමානය...? ඒ වගේම දුප්පත් වෙන තරමට පිටරට නායකයින් සුබ පතනවා... තවත් කොටසක් බලාපොරොත්තු වෙනවා නිදහසක් කියලා ඔවුන් හදපු බත් බැලයින් අපේ රට ඒ ලෙසම (පාලන ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, කුලබේද ක්‍රමය. මේ හැම දෙයක්ම එංගලන්ත කාරයා පිහිටුවලා එහෙට වෙලා රස විඳිනවා. අපි අභිමානය ගැන කතා කරනවා. ඒක තියෙන්න ඕනේ පහසුවෙන් ජීවත්වෙන රට වැසියන්ට...
suranimala Sunday, 04 February 2024 04:44 PM
නිදහස සැමරීම පුද්ගලීකරණය කරන්න...!
Chandima Sunday, 04 February 2024 09:23 PM
ඡන්දෙ නොතියා දිගටම ඉන්නවා නම් හොඳයි කියා නැතිද?
Perera Monday, 05 February 2024 04:35 AM
ලංකාවේ කොහෙද අභිමානයක් ඉතුරු වෙලා තියෙන්නේ ?පරම්පරා ගානක් ලෝකෙට ණය උන බංකොලොත් හිඟන රාජ්‍යක් .අභිමානය බම්බුව තමයි