IMG-LOGO

නිදහසට එන අය බේරෙන් නාවන්න ගිය සමාජ ක්‍රියාකරු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

" ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක් ද ? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි පවසමින් මුහුණුපොතේ( පෝස්ට්) අදහස් පළ කළ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

පුද්ගලයකු සිය මුහුණු පොතේ මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළ කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැළඹීමක් ඇතිවන ආකාරයේ අදහස් ( පෝස්ට්) අතර විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබිණි,

ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවතින පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.

40 හැවිරිදි සැකකරු නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (7)

නිදහසට එන අය බේරෙන් නාවන්න ගිය සමාජ ක්‍රියාකරු අල්ලයි

sharm warn Friday, 27 January 2023 09:16 AM

මිනිස්සු භාගෙට මැරෙමින් ජීවත් වෙන තැනට දාලා මිලියන 200ක් වියදම් කරලා පවත්වන උත්සවය බලන්න එන මිනිස්සුන්ව අමුතුවෙන් බේරෙවැවට දාන්න ඕනෑ නෑ. එයාලා සිය කැමැත්තෙන්ම පනියි. තව ටික දවසක් යද්දී... දැනටමත් පේනවනේ දරුවන්ට වහ පොවලා මැරෙන්න හදන මව්පියන් ගණන වැඩිවෙන හැටි...

:       9       7

ලුම්බිණි Friday, 27 January 2023 09:31 AM

"ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක්ද? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න" මේකෙන් කොහොමද මහජන කැළඹීමක් ඇති වෙන්නේ? දේශපාලකයින් නිතරම කියන්නේ කවුරුත් නැගී සිටින්න මේ රජය එළවන්න කියලා. එහෙනම් ඒකත් වැරැදියිනේ.

:       9       6

Lal Friday, 27 January 2023 10:13 AM

ජවිපෙ ත්‍රස්තවාදියා අත් අඩංගුවට ගන්න.

:       8       13

sharm warn Friday, 27 January 2023 02:42 PM

අසන්න මහතුනි. . බයියෙක් ඔබ අමතයි. .

:       5       3

BamunuarachchiFriday, 27 January 2023 06:43 PM

අසව් අසව් මෙන්න බයියෙක් කතා කරයි.

:       1       0

දමිත් Friday, 27 January 2023 12:04 PM

නිදහසට එන අය නොව මුන් වගේ කාලකණ්ණියෝ තමා බේරේ වැවේ නොව ලෝදිය පොකුණක නාවන්න ඕ්න

:       7       11

Bamunuarachchi Friday, 27 January 2023 06:41 PM

දැන් එයාව බෙල්ලෙන් අල්ලා බේරේ වැවේ ඔබන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site