IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිදන කාමරයකට රන්ඩුවෙලා පොල්ගහවෙල - කොළඹ දුම්රියත් නතර වෙලා

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය සතියක් පමණ ධාවනය අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ රියදුරන්ගේ නිදන කාමර අතර අංක 528 පොල්ගහවෙල - කොළඹ දුම්රියේ රියදුරු මහතාගේ නිදන කාමරය ද ඇති බවත් එම කාමරයේ මහනුවර - පොල්ගහවෙල දුම්රියේ රියදුරු මහතාට ද නිදාගැනීමට ලබාදීමට විරෝධය දක්වමින් අංක 528 දුම්රියේ රියදුරු මහතා දුම්රිය ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය කීය.

විශාල මගීන් පිරිසක් අපහසුවට පත්කරමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වුවත් එම රියදුරුට දිනකට පැය 18 ක අතිකාල දීමනාවක් ගෙවීමට ද සිදුව ඇති බව ද ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

මෙම තත්වයෙන් දිනපතා දුම්රියෙන් කාර්යාල බලා ගමන් ගන්නා දහස් ගණනක මගීන් දැඩි අසීරු තත්වයකට මුහුණ දී සිටින බව කී ප්‍රවාහන අමාත්‍යංශය දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින රියදුරන්ගේ හිඟය හේතුවෙන් දිගින් දිගටම අතිකාල දීමනා ලබමින් රියදුරන් සේවයේ නිරත වී සිටින බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (6)

නිදන කාමරයකට රන්ඩුවෙලා පොල්ගහවෙල - කොළඹ දුම්රියත් නතර වෙලා

Pradeep Kumara Wednesday, 17 August 2022 09:31 PM

වැඩ කරන්නෙත් නැතුව දිනකට අතිකාල පැය 18ක්, දුම්රිය පාඩු ලබන එක ගැන කවර කතාද?

:       0       35

Lal Wednesday, 17 August 2022 10:30 PM

Where the Unions ? Privatize this mess , Blood sucking monsters.

:       0       18

arschfikaa Wednesday, 17 August 2022 10:38 PM

ඔය සුරුට්ටු සිංහල රේල්වේ රියැදුරෝ වැඩට එන්නෙත් නිදන කාමරේ නිදාගෙන වැඩ නොකරම පඩි ගන්නද? එහෙම නම් CGR එක ලඟඳීම ලෝකෙ හොඳම දුම්රිය සේවය බවට පත්වෙයි.

:       0       20

Prase Thursday, 18 August 2022 12:52 AM

ඇමැති නිදිද? ඩ්‍රයිවර්ස්ලා ට්‍රේන් කරන්න වැඩ පිළිවෙළවල් නැද්ද? ඔන්න ගොන් බූරු පාලනය...

:       0       0

saman Thursday, 18 August 2022 10:34 AM

නිදාගන්න කාමරයක් දෙනතුරු රාජකාරි පැහැර හරින්න පුලුවන්ද?සේවයෙන් පහ කරන්නයි තියෙන්නේ

:       0       7

සේනක Thursday, 18 August 2022 12:50 PM

ඒ වුණාට කමක් නෑ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්න දෙන්න නම් එපා.එහෙම වුණොත් රටේ අභිමානයට හොඳ නැහැලුනෙ.දුම්රිය,තෙල්,විදුලි සේවක උත්තමයන්ට තව ඕටී දෙමු.එතකොටනෙ වාමාංශික වෘත්තීය සමිති සහ වාසුදේවයන්ලට චූන් එක තියෙන්නෙ.ජනතාවට හෙණ ගැහුවත් කමක් නෑ වාමාංශික සහ රාජ්‍ය සේවයේ කුණු ගොඩ තව නඩත්තු කරමු.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site