IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නෙදුන්කෙණි වඩුන්නාගල නොසන්සුන් වෙයි

(සිතුම් චතුරංග )

වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අ‍ැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් අ‍ැතිවිය.

ශිව රාත්‍රි පූජාව පුරාවිද්‍යා ස්ථානයට හානි නොවන‍සේ කටයුතු කරන ලෙස පොලිසිය හා වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් පැමිණි දේශපාලන නායකයින් සහ එම පිරිසට පැවසීමත් සමග එයට විරොධය පලකරමින් අදහස් දැක්වීමේදී දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර එහිදී පූසාරිවරයකු අ‍ැතුළු අටදෙනකු පොලිස් අත්අඩංගුවටපත් විය. 

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශීදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, පි 2  සංවිධානයේ සභාපති වේලන් සාමි අ‍ැතුළු 500ක පමණ පිරිසක් සවස් කාලයේ වඩුන්නාගල පුරාවිද්‍යා භූමියට පැමිණ මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. 

ෙවඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර මුල්යුගයට අයත් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් වන අතර එම ස්ථානයට හානි නොවන ලෙස කටයුතු කරන ලෙසත් පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන් ඉල්ලීම් කලද පැමිණි පිරිස එම ස්ථානයට හානි වන ලෙස ශිව රාත්‍රිය සමරමින් සිටි බව පොලිසිය පැවසීය. 

නොසන්සුන්කාරී අවස්ථාවේදී පැමිණ පිරිස් ඉවත් කල අතර එහිදී අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස‍යේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජෙන්ද්‍රන් මහතා පොලිසිය විසින් ඔසවාගෙන ගොස් පුරාවිද්‍යා භූමියෙන් ඉවත්කරනු ලැබීය. 

 



අදහස් (4)

නෙදුන්කෙණි වඩුන්නාගල නොසන්සුන් වෙයි

රංබොඩ Sunday, 10 March 2024 12:08 PM

මොවුන් රටට, රටේ ඉතිහාසයට ගරු නොකරන ආක්‍රමණශීලී මානසිකත්වයකින් යුතු කොටසක්. පාළනය නිවට වග දැනත් වහාම මොවුන් පිම්බෙනවා.

:       0       0

සෙනෙවිරත්න Sunday, 10 March 2024 01:28 PM

වැඩකට ඇති වැඩක් නොවෙයි, ලාබම ක්‍රමය වන ජාතිය, ආගම අවුස්සා ජනප්‍රිය වීමට කරන වැඩ... මේක දකුණේ සාර්ථකව කළා හැබැයි වසර දෙකෙන් පැනලා ගිහින් පොත් ලියනවා...!

:       0       0

සරත් කුමාර Monday, 11 March 2024 01:26 AM

කොන්ද පණ තියෙන පාලකයෙක් පේනතෙක් මානෙක නෑ. ගේන අයත් එක එක්කෙනාගේ ඩොලර්, මනාපේ වෙනුවෙන් මේ වගේ මොළේ අමාරු කාරයෝ ඉස්සරහා පදිරි වෙනවා. මේ වගේ මොලේ අමාරු හාදයින්ට ලංකාවේ මිසක් ලෝකයේ වෙන කොහේවත් නම් විසුමක් නෑ. මෙහෙ අවුලක් නෑ.. ලංකාවේ පිස්සු පාලකයින්නේ ඉන්නේ...

:       0       0

rattu Monday, 11 March 2024 10:48 AM

නෙල්ලිගල හිමියන්ගේ පිහිට මෙම පුද බිමටත් ලැබේවා .මේ මිත්යාදුෂ්ටික පව්කාර හැත්ත දූරින්භූත වේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site