(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබාගැනීම යන නීතිවිරෝධි කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
එම ධීවරයන් සමඟ මුහුදු කූඩැල්ලන් 669 ක්, ඩිංගි යාත්‍රා 6 ක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් ද භාරයට ගත් බවත් උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින්, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මෙම පුද්ගලයන් සහ උපකරණ අත්අඩංගුවට ගත් බව ද නාවික හමුදාව කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් අල්ලයි