IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට

. (ටී.කේ.ජී.කපිල )

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද  (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ කිරුලපන ප්‍රදේශයේ තාවකාලික නේවාසිකාගාරක රැදී සිටියදී  අත් අඩංගුවට ගෙන තිබේ .

 මෙම අත් අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දී තිබූ බුද්ධි තොරතුරු පදනම් කර ගෙන තිබූ අතර පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු මේ අතර සිටිති .

බංගලදේශ ජාතිකයන් 16 දෙනෙකු , පකිස්තානු ජාතිකයන් 02 දෙනෙකු , බුරුන්ඩි ජාතිකයන් 02 දෙනෙකු සහ ඉන්දියානු , පිලිපීන , උගන්ඩා , ඉතියෝපියානු , කෙන්යානු සහ නේපාල ජාතිකයන් එක් අයෙකු බැගින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වූ වහාම මොවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය .



අදහස් (1)

නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට

de silva Tuesday, 26 November 2024 04:31 PM

ලංකාවේ නැවතී රෙස්ටුරන්ට් , හෝටල් ව්‍යාපාරික කටයුතු කරන විදේශිකයන් ගෙන් 80% මෙරට රැදී සිටින්නේ සංචාරක වීසා යටතේ , සංචාරක විසා යටතේ සිටින කෙනෙකුට මෙරට රැකියා කරන්න , ව්‍යාපාර කරන්න නීතියෙන් අවසර නැහැ , ඔවුන්ගේ ව්‍යාපාර නිතියනුකුලව ලියාපදිංචි කර නැහැ , රජයට ආදායම් බදු ගෙවන්නෙත් නැහැ , කරුණාකර මේ ගැන වහාම සොයා බලන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site