IMG-LOGO

නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය 23 ක් යළි ශ්‍රී ලංකාවට

( ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින්  යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් , එතැන් සිට  අද (20 ) පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

මොවුන් ඉකුත් මැයි මස 27 දින වෙන්නප්පුව කොස්වාඩිය ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන් 23 දෙනා අතරින් එක් අයෙකු කාන්තාවක් වන අතර , මොවුහු මීගමුව , කොස්වාඩිය සහ මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

මෙම පිරිස රැගත් බහුදින ධීවර යාත්‍රාව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න වනවිට එරට වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් විසින් අත් අඩංගුවට ගෙන එහි රදවා තබාගෙන සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ  රාත්‍රී ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් මෙසේ ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර තිබුණි

වර්තමානයේ මෙසේ නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපත තුළ රදවා ගැනීම සිදු නොකිරීමට එරට බලධාරීන් පියවර ගනිමින් තිබේ .

මෙසේ පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිස අද (20 ) අලුයම 03.50 ට ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි.- 977 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර , ඔවුන් මෙම ගුවන් යානයේ සිටි 50 දෙනෙකුගෙන් යුතු  ඕස්ට්‍රේලියානු ආරක්ෂක භට පිරිස් වෙතින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස භාර ගැනීමට කටයුතු කර තිබුණි .

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

 



අදහස් (1)

නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය 23 ක් යළි ශ්‍රී ලංකාවට

කොස්මාමා Monday, 20 June 2022 09:42 AM

ආර්ථික වශයෙන් දුෂ්කර මේ සමයේ ඔබට ත්‍රාසජනක බෝට්ටු සවාරියකින් පසුව නොමිලේ ලැබෙන ගුවන් සවාරියක්. අදම අයදුම් කරන්න.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 219 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site