(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයැදුම්පත් කැඳවා ඇතැයි කී විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතුව තිබෙන බව සඳහන් කළේය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසූයේ අලුත් ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීමක් සිදුකර තිබෙන බවයි.
නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම වැඩි කිරීම කළ බවත් සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන අතර නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා දෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍යවරයා කීය.
නීති විද්‍යාලයට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැතැයි ද නීති විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් අය කරන සුළු මුදලින් සිසුන් පන්දහසකට පමණ අධ්‍යාපනය ලබා දෙන බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නීති විද්‍යාලයේ සඳහා අයැදුම් පත් කැඳවීමේ කාරණය පිළිබඳව කරුණු සොයා බලා ඉදිරිපත් කරන බවද රාජපක්ෂ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු වැඩි කරයි
abaran Friday, 21 July 2023 04:16 PM
ඇඟේ තරමටම මොළයත් තිබුණා නම් කියලා මට විතරද මන්දා හිතෙන්නේ...? රුපියල් 1200 කින් විභාග ගාස්තු වැඩිවුණා කියලා පාර්ලිමේන්තුවේ කතාකරන්න දෙයක්ද උන්නැහේ? ඔයා තවමත් කරන්නේ ගැලරියේ දේශපාලනයම නේද? පන්සල්වලට සල්ලි බෙද බෙදා ගියා. කුකුල් කුඩු වගේ ගෙවල් බෙද බෙදා ගියා... වතු කම්කරුවන්ගේ තනතුර වෙනස්කරන්න කතාකළා. ඉස්සර වතුර මෝටර්, බයිසිකල් බෙදුවා... අද තවත් සිල්ලර කරුණක් පෙන්වනවා. වතු කම්කරුවන්ට හොඳ වැටුපක් දෙන්න නම් තේ දළුවලට හොඳ මිලක් අවශ්‍යයි. ඒ සඳහා අපේ තේවලට ලෝක වෙළඳ පොලේ හොඳ මිලක් ලැබෙන වැඩපිළිවෙලක් තිබිය යුතුයි... ඒ නිසා අන්න ඒ වගේ වැඩකට ඇති දෙයක් ගැන කතා කළොත් නරකද? දැන් වයසත් 55 ට කිට්ටුනේ.