IMG-LOGO

නතාශා - බෲනෝ යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත්  කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ  ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර ලබන 21  වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (07)  නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවට කරුණු අනාවරණය වන බැවින් සහ විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

"මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති  සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට  මෙම දෙවැනි සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.



අදහස් (6)

නතාශා - බෲනෝ යළි රිමාන්ඩ්

Cisco Wednesday, 07 June 2023 01:26 PM

එදා චිංචිමානවිකාව ජීවමාන බුදුරජාණන් වහන්සේට කළ අපහාසයට එම අවස්ථාවේ ලංකා රජය සහ පොලිසිය සිටියා නම්.. ආයුධ පෙන්නන්න එක්කරන් යනවා...

:       9       18

fairoos Wednesday, 07 June 2023 02:18 PM

ලංකාවේ වෙන දේවල් වලට මෙහෙම දෙයක් තිබුණොත් තමයි අපේ අයට නින්ද යන්නේ. මුළු රටම හොරාකාලා බංකොළොත් කරපු නන්දසේනට එරෙහිව කිසිම පැමිණිල්ලක් නැහැ.

:       14       24

Bamunuarachchi Thursday, 08 June 2023 06:23 AM

රට කෑවේ ගම්මිරිස් හොයාගෙන ආව හම්බ සෙට් එක.

:       1       2

Amara Wednesday, 07 June 2023 02:44 PM

දිලිත් තමයි ‌වැඩිම අපහාසය කළේ. ඇයි එයා නිදැල්ලේ?

:       7       27

Bamunuarachchi Wednesday, 07 June 2023 07:22 PM

රිමාන්ඩ් කරලා මදි ... අඬු කඩන්න ඕනේ. කාලකන්නි හැත්ත...

:       10       10

Bamunuarachchi Friday, 09 June 2023 01:26 PM

ඔහොම යන් ඔබලාට අපි වැඩේ දෙන්නේ හෙමින්. මම ලංකාවේ නම් ඔබලා දෙදෙනාගේ නළලේ හිල් හදනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site