IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිඥ කාර්යාලයට කුලියට ගිනි තියලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල නගරයේ පිහිටි නීතිඥවරියකගේ කාර්යාලයට ගිනි තබා එහි ඇති ලිපි ලේඛන විනාශ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ බව කියන මාවතගම ප්‍රදේශයේ පදිංචි ධනවත්  මැණික් ව්‍යාපාරිකයෙක් කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මැණික් ව්‍යාපාරිකයා ලබා දුන් බව කියන රුපියල් 10000 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නීතිඥවරීයගේ කාර්යාලයට ගිනි තැබූ බව කියන පුද්ගලයා ද මේ සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම නීතිඥවරීයගේ කාර්යාලයට ගිනි තබා එහි ලේඛන විනාශ කර තිබුණේ පහුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වැනිදා ය සැකකාර මැණික් ව්‍යාපාරිකයා ඔහුට අයත් මාවතගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් කෝටි 2 ක මුදලකට පුද්ගලයකුට උකස් කර මුදල් ලබාගෙන තිබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම ඉඩම සින්න වීමට යන බව දැනගත් එම මැණික් ව්‍යාපාරිකයාගේ ඇමරිකාවේ පදිංචිව සිටින සහෝදරයා මුදල් ගෙවා ඉඩම බේරා ගෙන යළි මැණික් ව්‍යාපාරිකයාට ලබාදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඇමරිකාවේ සිටින සහෝදරයා මෙම ඉඩම යළිත් උකස්කර මුදල් ලබා ගෙන ඇද්දැයි යන්න සොයා බලන ලෙස සිද්ධියට මුහුණ දුන් නීතිඥවරිය ට දුරකථයෙන් කථාකර දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

නිඥවරිය එම ඉඩම ගැන සොයා බලන බව දැනගත් මැණික් ව්‍යාපාරිකයා ඊට පළිගැනීමක් වශයෙන් පුද්ගලයකුට රුපියල් 10,000 ක මුදලක් කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇයගේ කාර්යාලයට ගිනි තැබීමට සලස්වා ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

නීතිඥ කාර්යාලයට කුලියට ගිනි තියලා

chandima Saturday, 07 January 2023 12:39 AM

මේ වැඩ ඉස්සරත් වුණා , මින් ඉදිරියටත් වෙන්න පුළුවනි. මේකෙන් පාඩු විඳින්නේ සේවා දායකයින්මයි. ඔවුන්ට ඔඔවුන්ගේ ලිපිගොනු නැවත සොයා ගැනීමට ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා තනි තනිව සේවයෙන් සපයන නීතිඥයන් වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් ඕවගේ ලිපිගොනු සේවාදාකයින්ගේ විස්තර ආදිය ආරක්ෂාකාරී පොදු දත්ත පද්ධතියක් තුළ තැම්පත් කිරීමට ක්‍රමයක් සකසා ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයි. ඒ මගින් වෘත්තයා හදිසියේ මළත් නැතිනම් ඕවගේ විනාශ වුණාත් සේවාදායකයින්ට ඉන් වෙන හානිය අවම වෙනවා.

:       0       13

modaya Saturday, 07 January 2023 08:29 AM

පවු ඇමෙරිකානු සහෝදරයා

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site