IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක්

(යොහාන් භාසුර)

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති සහ බර්මින්හැම් මහාවිහාරයේ විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ, ගල්බොඩ ඥණීස්සර නාහාමි අනුස්මරණ ‘නැණ ඉසුර’ ශිෂ්‍යත්ව අරමුදලට රුපියල් කෝටියක් පරිත්‍යග කළහ.

රටේ නවෝත්පාදනයන්ට හා දැයේ දරුවන්ට ජීවිතය ජයගැනීමට අත්වැලක් ලෙස ආරම්භ කළ මෙම ‘නැණ ඉසුර’ ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රතිලාභ සමස්ත සමාජයටම එක හා සමානව හිමිකරදීම අරමුණයි.

 ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහාමි (ගංගාරාමයේ පොඩි හාමුදුරැවෝ) ඉටුකළ සමාජ සේවය එලෙසම පුළුල්ව කිරීම සදහා මෙම පරිත්‍යාගය කළ බව විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ පැවසූහ. එලෙසම ලොවට විහිදී ඇති බෞද්ධ විහාරස්ථාන මේ අගනා ශිෂ්‍යත්ව අරමුදල සඳහා මෙම පරිත්‍යාගය උදාහරනයක් ලෙස සළකා තම වගකීම ඉටුකරණු ඇතැයි තම බලාපොරොත්තුව බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ  දක්ෂ දුවා දරුවන් ඉදිරියට ගෙන ඒමට පොඩිහාමුදුරුවන් ගත් උත්සාහය තමන් ශිෂ්‍ය භික්ෂුවක් ලෙස දුටු බවත් විදේශ ධර්ම දූත සේවය සදහා ද පොඩිහාමුරුවන්ගේ ආදර්ශය මහොපකාරී වු බවත් කස්සප නාහිමියෝ පැවසූහ.

මෙම අරමුදල ශක්තිමත් කිරීමට අවශය කටයුතු ඉදිරියේදීත් සම්පාදනය කරන බව පැවසූ කස්සප හිමියෝ ශ්‍රී ලංකාවේ දක්ෂ දුවාදරුවන්ට මෙම අරමුදල ඉලක්ක ජයගැනීමට මගහසර සපයනු ඇතැයි ද විශ්වාස කරන බව වැඩි දුරටත් ස`ඳහන් කළහ. 



අදහස් (2)

‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක්

Sediris Friday, 08 November 2024 06:02 AM

ඔබවහන්සේට බොහොම පින්. ඒ උතුම් සාසන කර්තව්‍යය වඩාත් හොඳින් ඉ‍ටු කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා...!

:       2       2

බකල ජයා Friday, 08 November 2024 12:44 PM

සිදුහත් කුමරා නිවන් අවබෝධයට සියල්ල අතහැර ගිහිගෙයින් ගියා. රැස්කරනා අය... අනේ මන්දා...?

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site