IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නැටුම් ගුරාට වැඩ වරදියි

(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුල දී තම16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයෙකු අද (23) දින සැකපිට අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා දීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේදී මූලික විමර්ශණයකින් අනතුරුව මෙලෙස සැකකරු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර නර්තන ගුරුවරයා විසින් තවත් බාලවයස්කාර දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් සතියකට පමණ පෙර හංවැල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත සිටින අයෙකු බවටද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික නර්තන පන්තියක් පවත්වාගෙන ගිය  නර්තන ගුරුවරයෙකු වේ.

සැකකරු විසින් ඉකුත් ජනවාරි මාසයේ රජයේ නිවාඩු දිනයක් හෝ ඉරිදා දිනයකදී  නර්තන කණ්ඩායමකට අවශ්‍ය ඇදුම් පිළිබදව සොයා බැලිීමට අවශ්‍ය බවට දැරියගේ දෙමාපියන්ට පවසා සැකකරුගේ යතුරු පැදියෙන් මෙම 16 හැවිරිදි දැරිය සමගින් අදාල අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණ එහි කාමරයක් තුලදී දැරියට අතවර කර ඇතැයි පොලිසියට ලද පැමිණිල්ලෙහි සදහන් බවද තලංගම පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

ඒ අනුව සැකකරු අදාල සිදුවීම වූ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණිලිකාර පාර්ශවය සමග රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් නිළදාරියා වැඩිදුරටත් පැවසීය.

තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

නැටුම් ගුරාට වැඩ වරදියි

Dharmatileke Tuesday, 23 July 2024 08:58 PM

මෙවැනි සිදුවීමකදී දෙමව්පියන්ටත් දඬුවම් කල යුතුයි .ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක තනියම අරිනවද ?

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 23 July 2024 09:14 PM

හංදියක් හංදියක් ගානේ ස්පා තියෙන එකේ මේ මිනිහා නිකං අවුරුදු විස්සක් විතර ඇතුලේ ලගින්න වැඩ කරගත්තේ ඇයි…?

:       0       0

Wijr Tuesday, 23 July 2024 09:32 PM

දෙමව්පියෝ දැනගන්න ඕන නේද පිරිමියෙක් එක්ක බයිසිකලයක කෙල්ලෙක්ව යවන්න හොඳ නැහැ කියලා

:       0       1

Rohana Tuesday, 23 July 2024 09:51 PM

කෙලින් වැඩකරන නැටුම් ගුරෙක්.

:       0       0

Prabha Tuesday, 23 July 2024 10:33 PM

ළමයි තනියෙන් යවපු දෙමව්පියන්ටත් දඬුවම් දෙන්න ඕනේ

:       0       1

Pradeep Kumara Wednesday, 24 July 2024 08:08 AM

මේ දැරියගේ දෙමාපියන්ට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා නේද? පන්තියක් පැවැත්වෙන දිනයක් නොවී වෙනත් කටයුත්තකට ඔහුගේම යතුරුපැදියෙන් කැදවාගෙන යන්න දුන්නේ ඇයි? විශේෂයෙන්ම දූවරුන් සිටිනා දෙමාපියනි, ඔබලාගේ දියණිවරුන් ගැන මීට වඩා විමසිලිමත් වෙන්න. යමක් සිදු වූවාට පසු කරුණු කියා ඵලක් නැත, සිදුවීමට පෙර විමසිලිමත් වී වලක්වා ගන්න.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site